මෙරට කළ විශේෂ මෙහෙයුම - පැය 24ක් තුළ 2000කට වැඩි පිරිසක් වහාම අත්අඩංගුවට..

Nihal Talduwa Sri Lanka Army Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By krishani Dec 18, 2023 03:35 AM GMT
krishani

krishani

Report

අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ පුද්ගලයන් සොයා "යුක්තිය" මෙහෙයුම ඊයේ (17) ක්‍රියාත්මක විය.

ඒ කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගල්කිස්ස, තංගල්ල, කන්කසන්තුරය, වව්නියාව ඇතුළු පොලිස් කොට්ඨාස 45ක ය.

ඒ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වන අතර ඒ සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු සිදුකරනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පත්වරුන් 9 දෙනෙකු යටතේ ය.

එහිදී ගත වූ පැය 24 කාලය තුළ  සැකකරුවන් 2,121ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

මෙරට කළ විශේෂ මෙහෙයුම - පැය 24ක් තුළ 2000කට වැඩි පිරිසක් වහාම අත්අඩංගුවට.. | 2121 Suspects Arrested In Sri Lanka

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසුවේ එම පිරිසෙන් සැකකරුවන් 12 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකරන බවයි.

එමෙන්ම, සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තව ද, පුනරුත්ථාපනය සඳහා පුද්ගලයන් 133 දෙනෙකු යොමු කර ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරට කළ විශේෂ මෙහෙයුම - පැය 24ක් තුළ 2000කට වැඩි පිරිසක් වහාම අත්අඩංගුවට.. | 2121 Suspects Arrested In Sri Lanka

මෙම මෙහෙයුමේ දී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහත පරිදි වේ.

ඒ අනුව,

හෙරොයින් 2kg 232g

අයිස් 769g

ගංජා 178kg 916 g

ගංජා පැළ 30,550ක්

ඈෂ් 35kg 89g

මාවා 626g

තූල් මත්ද්‍රව්‍ය 102g

මත්පෙති 3,489ක්