ගෙවුන මාස 08ට හොර පාරෙන් සිරකරුවන් 212ක් නිදහස් කරලා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ධුරයට පත්ව මාස අටක කාලය තුළ ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ දී සිරකරුවන් 212 දෙනෙකු අනීතිකව නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදුකල විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ජනාධිපතිවරයා ලබා දුන් පොදු සමාවට මුවාවී බන්ධනාගාර නිලධාරීන් මෙලෙස සිරකරුවන් 212 දෙනා නිදහස් කර ඇති බව හෙළි වී ඇතැයි දිනමිණ පුවත්පත වාර්තා කරයි. පසුගිය වසරේ නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් 322 ක්, නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 274 ක් සහ වෙසක් පොහොය දිනය වෙනුවෙන් සිරකරුවන් 388 ක් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇත.
මෙම අනුමැතියට මුවාවී බන්ධනාගාර නිලධාරීන් තවත් සිරකරුවන් පිරිසක් නිදහස් කර ඇති බව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වීී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කරයි.
