කොළඹ බලය ගිලිහුණු සජිත් කුපිත වේ.

Colombo Sajith Premadasa Sri Lanka Politician Local government election Sri Lanka 2025
By Mithu Jun 16, 2025 01:26 PM GMT
Mithu

Mithu

Report

අද දින කොළඹ මහ නගර සභාවේ පුරපති අසුන වෙනුවෙන් ඡන්ද විමසීම සිදුවිය.ඉතාමත් උණුසුම් ආන්දෝලාත්මක ඡන්ද විමසීමක් වූ අතර එය රහසිගත ක්‍රමයට සිදුවිය.නමුත් විපක්ෂයේ බොහෝ දෙනා ඉල්ලා සිටියේ ප්‍රසිද්ධියේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දෙන බවටයි නමුත් කොමසාරිස්වරිය ඒට එකඟ නොවූ නිසා රහසිගතව ඡන්දය විමසීම සිදුවිය.

ගන්නවා කෙසේ වෙතත් ආයේ ඉතින් රත්තරන් අල්ලන එකත් හීනයක් තමයි

ගන්නවා කෙසේ වෙතත් ආයේ ඉතින් රත්තරන් අල්ලන එකත් හීනයක් තමයි

එම නිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස කලකිරීමට පත්වී ඇති අතර එතුමා ඒ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර තිබුණි.

කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමේදී මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කර ඇති බැවින් ඒ සම්බන්ධව ගත යුතු සියලුම පියවර ගැනීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කිරීඹට ඉහළ තැනකින් බලපෑම් ලැබුණේද යන්න දැන ගැනීමට අවශ්‍ය වන බවත් මේ වන විට ස්ථාන ගණනාවක මෙම මාර්ගෝපදේශ පැහැර හැර ඇති බැවින් එය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් වන බවය.

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා

මේ හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙන්වා දෙන විපක්ෂනායකවරයා පැවසුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සඳහා ගත යුතු සියලුම පියවර ගැනීමට බලාපොරොත්තු වන බවය. පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ලබා නොමැති අවස්ථාවක සභාපති සහ උප සභාපති තේරීමේදී මාර්ගෝපදේශ පිළිබඳ පැහැදිලි උපදේශන සහ නිර්ණායක රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බවත් පැවසූ විපක්ෂනායකවරයා පැවසුවේ මෙම කාර්ය නියමිත ආකාරයට ක්‍රියාත්මක වූ අවස්ථාවල සමගි ජන බලවේගයට හා විපක්ෂයට සභා ගණනාවක බලය හිමි වූ බවය.

මන්ත්‍රීවරු 117කගේ සද්දෙට බය නොවී හරියට වැඩේ කරපු නිළියක් වගේ ලස්සන කොමසාරිස්තුමිය

මන්ත්‍රීවරු 117කගේ සද්දෙට බය නොවී හරියට වැඩේ කරපු නිළියක් වගේ ලස්සන කොමසාරිස්තුමිය


ReeCha