"මට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට හැකිවුණා නම් ගෝඨාභය තවමත් ජනාධිපති" - සුදේව

Gotabaya Rajapaksa Latest Headlines Sinhala news gagana news Colombo politics heat up
By Shehan Jun 16, 2025 03:03 PM GMT
Shehan

Shehan

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි පවසන්නේ, තමන්ට එම තනතුරේදී සම්පූර්ණ නිදහස ඇතිව තම අභිමතය පරිදි කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා නම්, ගෝඨාභය රාජපක්ෂ තවමත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති බවයි.

241 මරු කටට ගිහින් සතියක් යන්නත් කළින් තවත් එයාර් ඉන්දියා ගුවන්යානයක දෝෂයක්

241 මරු කටට ගිහින් සතියක් යන්නත් කළින් තවත් එයාර් ඉන්දියා ගුවන්යානයක දෝෂයක්

එවැනි වෙනසක් සිදුවීමට ඉඩ තිබුණේ නම්, එය පසුගිය ජනාධිපතිවරණයේදී බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අදහස් ඔහු පළ කළේ YouTube නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය. එහිදී ඔහු අවධාරණය කළේ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළද, එම තනතුරේ වගකීම් ඉටු කිරීමේදී තමන්ට විවිධ සීමාවන් හා මායිම් පැවති බවයි.

නාමල්, යෝෂිතට තද බර - අත්අඩංගුවට සූදානමක්..

නාමල්, යෝෂිතට තද බර - අත්අඩංගුවට සූදානමක්..

එම සීමාවන් ඇති කළ පුද්ගලයන්ගේ අනන්‍යතාව මේ මොහොතේ හෙළිකිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත් ඔහු පැවසීය. තවද, ඔහු හිරු රූපවාහිනී නාලිකාවෙන් ඉවත්ව යන අවස්ථාවේදී, එහි සභාපති රේනෝ සිල්වා සමඟ ඉතා ගෞරවාන්විත හා හිතෛෂී සම්බන්ධතාවයක් පවත්වාගත් බවත්, තමන් එම ආයතනයෙන් ඉවත්ව යනු ඇතැයි සභාපතිවරයා කිසිදා අපේක්ෂා නොකළ බවත් සුදේව හෙට්ටිආරච්චි සඳහන් කළේය.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර භාරගැනීම තම වෘත්තීය ජීවිතයේ තමන්ගේ හැකියාවන් හා අනන්‍යතාව ලෝකයට පෙන්වීමට ලැබුණු වටිනා අවස්ථාවක් ලෙස තමන් සලකා බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.


ReeCha