ඉෂාරා සෙව්වන්දි ගැන දැන් ලැබුණු ආරංචිය ගිණුමට රු.50000ක් දාලා

Report

පසුගියදා බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමුවූ සිදුවීමක් තමයි ගනේ මුල්ල සංජීව ඝාතනය.මෙම ඝාතනයේ මහා මුල කාරිය ලෙස සැලකෙන්නේ ඉෂාරා සෙව්වන්දී නමැති කාන්තාවයි.ඇය මේ වන විට ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් ඇති බවට සැලවේ.

ගන්නවා කෙසේ වෙතත් ආයේ ඉතින් රත්තරන් අල්ලන එකත් හීනයක් තමයි

ගන්නවා කෙසේ වෙතත් ආයේ ඉතින් රත්තරන් අල්ලන එකත් හීනයක් තමයි

ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ බැංකු ගිණුමකට රුපියල් 50,000ක මුදලක් බැර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) එම නියෝගය ලබාදුන් බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

ව්‍රායිට පරාද වූ රිසා සාරුක් කියන්නේ මෙහෙම කෙනෙක් කියලා දන්නවද?

ව්‍රායිට පරාද වූ රිසා සාරුක් කියන්නේ මෙහෙම කෙනෙක් කියලා දන්නවද?

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි. එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සැකකරු විසින් ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ බැංකු ගිණුමට මුදල් සම්ප්‍රේෂණය කර ඇති බවය. එම ඝාතනය සිදුවූ වකවානුවේ මෙම මුදල් තැන්පත් කිරීම් සිදුකර තිබෙන බවත් සැකකරුගේ ගිණුමට මෙම මුදල් මාර්ගගත ක්‍රමයට තැන්පත් කර තිබෙන බවත් පොලීසිය පැවසීය.

අදාළ සැකකරුට මෙම මුදල් ලැබුණේ පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් දැයි සොයාබැලීම සඳහා විමර්ශන සිදුකරන බවත් එම විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා

සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා