සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා
By Ashfa
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ ව‍්‍රායි කැලි බලතසාර් මහත්මිය ඒ සඳහා තේරී පත්විය.
ඇය ඡන්ද 61ක් ලබා ගනිද්දී සමගි ජන බලවේගයෙන් තරග වැදුණු රිසා සරූක් මහතාට ලබාගත හැකි වූ ඡන්ද පනස් හතරක් පමණි.
කෙසේ වෙතත් ඊයේ දිනයේ සමග ජන බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයාට සහාය පළ කරන අත්සන් හැට දෙකක ලේඛනයක් ඉදිරිපත් කිරීමට එම පක්ෂය කටයුතු කරන ලදී.

එදා සිදුවීමෙන් පස්සේ තාම කෑවේ නෑ - ඉන්දියානු ගුවන් අනතුර වීඩියෝ ගතකළ 17 හැවිරිදි ආර්යන් මානසිකව පිඩා විදියි
අද දිනයේදී විවෘත ඡුන්ද විමසීමක් ඉල්ලමින් නාගරික කොමසාරිස්වරිය වෙත එම පත‍්‍රිකාව ඉදිරිපත් කළද ඡන්ද විමසීමේදී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 54කි.
ඒ අනුව අත්සන් ලේඛනයේ තිබූ ඡන්ද අටක්ද ඔවුනට විපක්ෂව ලබාදී ඇත.