විශ්වවිද්‍යාලයක රසායන ද්‍රව්‍ය කාන්දුවක්..පරික්ෂා කරන්න ගිනි නිවන හමුදාවත් එයි

Report

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ රසායන ද්‍රව්‍ය ගබඩා කරන ස්ථානයේ කාන්දුවක් ඇති වී තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව ගිනි නිවන ඒකකයට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් තොරතුරක් ලබා දී තිබෙනවා.

241 මරු කටට ගිහින් සතියක් යන්නත් කළින් තවත් එයාර් ඉන්දියා ගුවන්යානයක දෝෂයක්

241 මරු කටට ගිහින් සතියක් යන්නත් කළින් තවත් එයාර් ඉන්දියා ගුවන්යානයක දෝෂයක්

ලැබුණු තොරතුර මත ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විශ්වවිද්‍යාලයට පැමිණ එම ස්ථානය පරීක්ෂා කරනු ලැබු බව සඳහන්.

ඒ අනුව වාර්තා වූයේ ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් අඳාළ ස්ථානය පරීක්ෂා කළ බවයි.

පරික්ෂාවෙන් අනතුරුව එම රසායනය ද්‍රව්‍ය සුරක්ෂිතව ඉවත් කොට තිබෙනවා.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

ඒ අනුව මේ වන විට අඳාළ ස්ථානයේ තිබූ අවදානම පහව ගොස් ඇති බව පවසයි.

ඊට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ මෙම රසායන ද්‍රව්‍ය කාන්දු වීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ