රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය සජබෙට
රත්නපුර ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙක් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් අද දින මනාප ප්‍රකාශ කිරීම සිදුවූ අතර ඉන් ජයග්‍රහණය කළේ සමගි ජන බලවේගයයි.
ඒ අනුව එහිදී සමගි ජන බලවේගය නියෝජනය කළ නිමල් මුණසිංහ මහතා බහුතර බලයක් ලබා සභාපතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා. පසුගිය මැයි හය වැනිදා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී රත්නපුර ප්‍රාදේශීය සභාවේ බහුතර බලයක් හිමි වූයේ විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලටයි.
රත්නපුර ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය සභික ධුර 16ක් හිමි කර ගත්තා. විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ සමගි ජන බලවේගය සභික ධුර 9ක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධුර 6ක්ද පොදුජන එක්සත් පෙරමුණ සභික ධුර තුනක්ද ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සභික ධුර දෙක බැගින්ද ජාතික නිදහස් පෙරමුණ සභික ධුරයක්ද හිමි කර ගත්තා. ඒ අනුව සමස්ත විපක්ෂයේ සභික ධුර සංඛ්‍යාව 23ක්.