"මෝරුන් ඉන්න මුහුදේ සර්ෆින් කරනවා නම් කිඹුලන් ඉන්න ගඟේ ඔරු පදින්න බැරි ඇයි?" - බ්‍රිස්බෙන් ඔලිම්පික් සභාපතිගෙන් ආන්දෝලනාත්මක කතාවක්

By Kanchana Sep 17, 2026 12:12 PM GMT
Report

2032 බ්‍රිස්බෙන් ඔලිම්පික් උළෙලේ ඔරු පැදීමේ තරග ඉසව් පැවැත්වීම සඳහා කිඹුලන් ගහනය අධික ගංගාවක් තෝරාගෙන ඇති බව සදහන් වී තිබේ ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තය හරහා ගලා බසින ෆිට්ස්රෝයි ගංගාව 2032 බ්‍රිස්බෙන් ඔලිම්පික් උළෙලේ ඔරු පැදීමේ තරග ඉසව් සදහා තෝරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි තරග ඉසව් පැවැත්වෙන කලාපය ආශ්‍රිතව කිඹුලන් 500කට අධික සංඛ්‍යාවක් වෙසෙන බව සඳහන් ය. කෙසේ වෙතත් තරගාවලිය පැවැත්වීම සඳහා අනුමැතිය ලබාදීමේදී එහි කිඹුලන් සිටින්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර නොමැති බව වාර්තා වී තිබේ .

මේ සම්බන්ධනේ අදහස් දක්වමින් 2032 බ්‍රිස්බෙන් ඔලිම්පික් සභාපතිවරයා පවසා ඇත්තේ, මෝරුන් බහුල මුහුදේ සර්ෆින් ක්‍රීඩාව සිදුකිරීමේ හැකියාව පවතින්නේ නම් ෆිට්ස්රෝයි ගංගාවේ ඔරු පැදීමේ තරග පැවැත්වීම ද ගැටලුවක් නොවන බවයි.

අගෝස්තු මාසයේ ICC හොඳම ටෙස්ට් ක්‍රීඩකයා සොනාල් දිනූෂ

අගෝස්තු මාසයේ ICC හොඳම ටෙස්ට් ක්‍රීඩකයා සොනාල් දිනූෂ

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්