අගෝස්තු මාසයේ ICC හොඳම ටෙස්ට් ක්‍රීඩකයා සොනාල් දිනූෂ
අගෝස්තු මාසය සඳහා ICC විසින් පිරිනමනු ලබන විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු සොනාල් දිනූෂට හිමිව තිබේ. ඉන්දියාවට එරෙහිව ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැති තරගාවලියේදී දැක්වූ කැපී පෙනෙන පිතිහරඹය මෙම සම්මානය හිමිවීමට ප්‍රධාන හේතුව වී ඇත.
එම තරගාවලියේදී ඉනිම් 4කට ක්‍රීඩා කළ සොනාල්, ශතක 3ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 420ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. විශේෂයෙන් දෙවැනි ටෙස්ට් තරගයේදී දැක්වූ දස්කම් හේතුවෙන් තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය.
මෙම විශිෂ්ට දස්කම් සමඟින් නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 24වැනි ස්ථානය දක්වා ඉහළ යාමටද සොනාල් දිනූෂ සමත්ව තිබේ.
අගෝස්තු මාසයේ ICC හොඳම ක්‍රීඩකයා සම්මානය සඳහා එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසාන් මහමුද් ද නිර්දේශ වී සිටියහ. කෙසේ වෙතත්, ඔවුන් අභිබවා යමින් සොනාල් දිනූෂ මෙම සම්මානය දිනාගැනීමට සමත් විය.