2030ට පෙර හඳට යන්න සූදානම්...

By Gagana News Mar 04, 2025 11:41 AM GMT
Report

චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතිය ඇතුළු ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සූදානම් බව චීනය කියාසිටී.

චීන ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති කාර්යාලය අද (4) ප්‍රකාශ කළේ මේ වසරේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම් 2ක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රකාශයට පොලිස් කොමිසමෙන් නිවේදනයක්

වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රකාශයට පොලිස් කොමිසමෙන් නිවේදනයක්

එම මෙහෙයුම් දෙක සඳහා ගගනගාමී කණ්ඩායම්‍ තෝරා පත් කර ඇති අතර එහි ගගනගාමීන් අදාළ පුහුණු කටයුතු ද මේ වනවිටත් ආරම්භ කර තිබේ.

අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සහයෝගිතාව වෙනුවෙන් කටයුතු කරමින් ඉදිරි වසරවලදී පාකිස්ථාන ගගනගාමියෙකුට අදාළ පුහුණුව ලබාදෙමින් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යොමු කීරීමට ද චීනය සූදානම්ව සිටී.