ලෝක කුසලානයේ තීරණාත්මක තරග කිහිපයක් අද ඇරඹෙයි..

Report

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැත්වෙන 32 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා.

උගන්ඩාව සමග පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය තීරණය කළේ, පළමුවෙන් පන්දු රැකීමටයි.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.


ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වන එම තරගය Brian Lara Stadium, Tarouba, Trinidad හිදී පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 05.00ට ආරම්භ වූ 31 වැනි තරගය වූ දකුණු අප්‍රිකා - නේපාල තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට නේපාලය සමත් වුණා.

නේපාලයේ ආරාධනයෙන් දකුණු අප්‍රිකාව මේ වනවිට Arnos Vale Ground, Kingstown, St Vincent හිදී පන්දුවට පහරදෙමින් පවතී.

එමෙන්ම T20 ලෝක කුසලානයේ 33 වැනි තරගය ලෙසින් ඉන්දියාව සහ කැනඩාව සහභාගීවන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08.00 ට Central Broward Regional Park Stadium Turf Ground, Lauderhill, Florida හිදී ද, 34වැනි තරගය ලෙසින් නැමීබියාව සහ එංගලන්තය Sir Vivian Richards Stadium, North Sound, Antigua හිදි ශ්‍රී ලංකා වෙලාවෙන් අද රාත්‍රී 10.30ට තරග වැදීමට නියමිතව තිබේ.

20T ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ICC යෙන් විශේෂ දැනුම්දීමක්..

20T ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ICC යෙන් විශේෂ දැනුම්දීමක්..