හදිසි ප්රතිසංස්කරණ නිසා උඩරට මාර්ගයේ ගමන් අත්හිටුවයි - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
By Kanchana
රඹුක්කන, පේරාදෙණිය සහ ගම්පොල අතර සියලු දුම්රිය ගමන් අද(24) සහ හෙට(25) අත්හිටුවා ඇත ඒ, කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයෙන් නායයෑමක් සක්රීය වී දුම්රිය මාර්ගයට සේදී ආ පස් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරිමේ හදිසි ප්රතිසංස්කරණ හේතුවෙන් ය.
එමෙන්ම, මෙම දින දෙක සඳහා මුදල් ගෙවා ආසන වෙන්කරවා ගත් මගීන්ට තමන් වැය කළ සම්පූර්ණ මුදල ඕනෑම දුම්රිය ස්ථානයකින් නැවත ලබාගැනීමට අවශ්ය පහසුකම් සලසා ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දුම්රිය ගමනාගමනය අත්හිටුවීම නිසා මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව පළ කර සිටියි.