ආයෙත් යුධ ගිනි - මාස හයකින් පසු තෙල් මිල යළි ඉහළට - සෞදියට ගැහුවා විතරයි තෙල් මිල අහසටම

Report

ඉරානයට එරෙහි අමෙරිකානු-ඊශ්‍රායල යුද්ධය යළි ආරම්භ විය හැකි බවට පවතින බිය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 117.37ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය අප්‍රේල් 30 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගයයි.

එමෙන්ම අමෙරිකානු WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.80කින් (3.8%) ඉහළ ගොස් ඩොලර් 103.27 ක් ලෙස සටහන් විය.

අද හෙට සහ අනිද්දා - බිහිසුණු සුළි කුණාටුවක්? කාලගුණය නරක අතට - අඩු පීඩන කලාපය සුලිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

අද හෙට සහ අනිද්දා - බිහිසුණු සුළි කුණාටුවක්? කාලගුණය නරක අතට - අඩු පීඩන කලාපය සුලිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

පසුගිය මාස 6කට ආසන්න කාලය, එනම් අප්‍රේල් 29 වනදායින් පසු වාර්තා වූ ඉහළම අගය වේ. එමෙන්ම අමෙරිකානු WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.80කින් (3.8%) ඉහළ ගොස් ඩොලර් 103.27 ක් ලෙස සටහන් විය.

මේ අනුව මෙම සතියේදී පමණක් බ්‍රෙන්ට් තෙල් මිල 6%කින්ද, WTI මිල 2.3% කින්ද ඉහළ ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලොව විශාලතම බොරතෙල් අපනයනකරුවා වන සෞදි අරාබිය සහ යේමනයේ හූති කැරලිකරුවන් අතර සටන් තීව්‍ර වීමත් සමග සෞදියට එල්ල වූ ප්‍රහාර සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසන්න මුහුදේ සිදුවූ තෙල් කාන්දුවක් මෙම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.