20යි 20 පළමු තරගයම ඇමරිකාවට සුපිරි ජයක්..

Report

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩා කණ්ඩායමට එරෙහිව අද (02) පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත්වී තිබෙනවා.

ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය අමෙරිකාව පන්දුවාර 17යි පන්දු 4කදී කඩුලු 3ක් දැවී ලකුණු 197ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගැනීමට සමත් වුනේ 20යි 20 පළමු තරගයම අලුත් බලාපොරොතුවක් එක්කරමිනි.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Aaron Jones පන්දු 40කදී හයේ පහර 10ක් සහ හතරේ පහර 4ක් සමග නොදැවී ලකුණු 94ක් රැස්කිරීම විශේෂත්වයක්.

ඊශ්‍රායල අගැමැතිගෙන් යුද්ධය ගැන විශේෂ දැනුම්දීමක්..

ඊශ්‍රායල අගැමැතිගෙන් යුද්ධය ගැන විශේෂ දැනුම්දීමක්..


Andries Gous නොදැවී ලකුණු 65ක් රැස්කරගත්තේ පන්දු 46කදීය.

පන්දු යැවීමේදී කැනඩාව වෙනුවෙන් Kaleem Sana, Dilon Heyliger සහ Nikhil Dutta එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වුණා.

මේ අතර, T20 ලෝක කුසලානයේ දෙවැනි තරගය ලෙසින් කොදෙව්වන් - පැපුවා නිව් ගිනීයාව සමග ශ්‍රී ලංකා වේලාවෙන් අද(2) රාත්‍රී 8ට තරග වැදීමට නියමිතයි.

ඇමරිකා එක්සත් ජනපදයේ නවීන පහසුකම්වලින් ඉදි කෙරුණු නිව්යෝර්ක්, ෆ්ලොරිඩා සහ ඩලස්හිදී ක්‍රීඩාංගණයන් තුනේදී පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 16ක් වන අතර සම සත්කාරකත්වය දරණ කොදෙව් දේශයේ ක්‍රීඩාංගණ 7ක තරග 39ක් පැවැත්වීමට නියමිතයි.

පන්දුවාර 20 ලෝක කුසලාන ඉතිහාසයේ සහභාගිවන වැඩිම කණ්ඩායම් සංඛ්‍යාව මෙවර තරග වදින අතර, ඒ අනුව ලොව බලවත්ම ක්‍රිකට් රාජ්‍යයන් 20, දින 28ක ආසන්න කාලයක් තරග 55කදී උරෙන් උර ගැටෙනු ඇත.

ඔවුන් මුලික වටයේදී A,B,C සහ D කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිතයි.

T20 මංගල තරගයේ වාසනාව සත්කාරක ඇමරිකාවට..

T20 මංගල තරගයේ වාසනාව සත්කාරක ඇමරිකාවට..


A කාණ්ඩයෙන්, ඉන්දියාව හා පාකිස්තානය,අයර්ලන්තය,කැනඩාව සහ අමෙරිකාව තරග බිමට පිවිසෙන අතර, B කාණ්ඩයෙන් පසුගිය වර ලෝක ශූරයින් වන එංගලන්තය,ඔස්ට්‍රේලියාව,නැමීබියාව,ස්කොට්ලන්ප සහ ඕමානය තරග වදිනවා.

නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්,ඇෆ්ගනිස්ථානය,උගන්ඩාව සහ පැපුවා නිව්ගිනීයාව C කාණ්ඩයෙන් ද, D කාණ්ඩයෙන් තරග වදින්නේ 2014 ලෝක ශූරයින් වන ශ්‍රී ලංකාව,දකුණු අප්‍රිකාව,බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලයයි.

ශ්‍රී ලංකාව මූලික වටයේදී සහභාගිවන පළමු තරගය හෙට දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත අතර, අනතරුව ඔවුන් බංග්ලාදේශය,නේපාලය සහ නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතයි.

මුලික අවසන් වන විට එක් එක් කාණ්ඩයෙන් පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබන අතර එහිදී ඔවුන් කාණ්ඩ දෙකකකින් තරග බිමට පිවිසෙනවා.

සුපිරි 8 දෙනාගේ තරග වටය අවසානයේදී පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබනවා.

මෙවර පන්දුවාර 20 ලෝක ශූරයින් තීරණය කෙරෙන අවසන් මහා තරගය ජුනි මස 29 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ කොදෙව් දේශයේ බ්‍රිජ්ටවුන්හිදීයි.