T20 මංගල තරගයේ වාසනාව සත්කාරක ඇමරිකාවට..
ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු ඉන්දීය කොදෙව් දූපත් සත්කාරකත්වය දරමින් 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් පිරිමි තරගාවලිය අද (02) ආරම්භ කෙරුණි .එහි මංගල තරගය ස්ත්කරක ඈමරිකා එක්සත් ජනපදය හා කැනඩාව අතර යෙදී තිබුනි.
එහිදී පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් ජනපදය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
තරගය අද (2) ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වු අතර, එම තරගය අමෙරිකාවේ ටෙක්සාස් හි, Grand Prairie ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
T20 ලෝක කුසලානයේ දෙවැනි තරගය ලෙසින් කොදෙව්වන් - පැපුවා නිව් ගිනීයාව සමග ශ්‍රී ලංකා වේලාවෙන් අද(2) රාත්‍රී 8ට තරග වැදීමට නියමිතයි.
ඇමරිකා එක්සත් ජනපදයේ නවීන පහසුකම්වලින් ඉදි කෙරුණු නිව්යෝර්ක්, ෆ්ලොරිඩා සහ ඩලස්හිදී ක්‍රීඩාංගණයන් තුනේදී පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 16ක් වන අතර සම සත්කාරකත්වය දරණ කොදෙව් දේශයේ ක්‍රීඩාංගණ 7ක තරග 39ක් පැවැත්වීමට නියමිතයි.
පන්දුවාර 20 ලෝක කුසලාන ඉතිහාසයේ සහභාගිවන වැඩිම කණ්ඩායම් සංඛ්‍යාව මෙවර තරග වදින අතර, ඒ අනුව ලොව බලවත්ම ක්‍රිකට් රාජ්‍යයන් 20, දින 28ක ආසන්න කාලයක් තරග 55කදී උරෙන් උර ගැටෙනු ඇත.
ඔවුන් මුලික වටයේදී A,B,C සහ D කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිතයි.
A කාණ්ඩයෙන්, ඉන්දියාව හා පාකිස්තානය,අයර්ලන්තය,කැනඩාව සහ අමෙරිකාව තරග බිමට පිවිසෙන අතර, B කාණ්ඩයෙන් පසුගිය වර ලෝක ශූරයින් වන එංගලන්තය,ඔස්ට්‍රේලියාව,නැමීබියාව,ස්කොට්ලන්ප සහ ඕමානය තරග වදිනවා.
නවසීලන්තය,බටහිර ඉන්දීය කොදෙව්,ඇෆ්ගනිස්ථානය,උගන්ඩාව සහ පැපුවා නිව්ගිනීයාව C කාණ්ඩයෙන් ද, D කාණ්ඩයෙන් තරග වදින්නේ 2014 ලෝක ශූරයින් වන ශ්‍රී ලංකාව,දකුණු අප්‍රිකාව,බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලයයි.
ශ්‍රී ලංකාව මූලික වටයේදී සහභාගිවන පළමු තරගය හෙට දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත අතර, අනතරුව ඔවුන් බංග්ලාදේශය,නේපාලය සහ නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතයි.
මුලික අවසන් වන විට එක් එක් කාණ්ඩයෙන් පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් සුපිරි 8 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබන අතර එහිදී ඔවුන් කාණ්ඩ දෙකකකින් තරග බිමට පිවිසෙනවා.
සුපිරි 8 දෙනාගේ තරග වටය අවසානයේදී පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබනවා.
මෙවර පන්දුවාර 20 ලෝක ශූරයින් තීරණය කෙරෙන අවසන් මහා තරගය ජුනි මස 29 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ කොදෙව් දේශයේ බ්රිජ්ටවුන්හිදීයි.