මාතර කළඹමින් සොයා ගත් මළු ගැන අනාවරණයක් - අයිස් සහ හෙරොයින් තොගයේ බර කිලෝග්රෑම් 475කට අධිකයි
නාවික හමුදාව සඳහන් කරන්නේ මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්රදේශයේදී අද (24) පෙරවරුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් සොයාගත් අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය බර කිලෝග්රෑම් 475ක් බවයි.
ඒ අනුව ශ්රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ මෙම මෙහෙයුමේදී මත්ද්රව්ය අඩංගු බවට සැක කෙරෙන උර 10ක්, ගමන් මළු 11ක් සහ එම මත්ද්රව්ය තොගය රැගෙන ආ බවට සැක කෙරෙණ ඩිංගි යාත්රාවක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.
වෙරළ තීරයේ සැකකටයුතු උර තොගයක්- නාවික හමුදාව සහ වෙරළාරක්ෂකයන් එක්ව කළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී කොටුවෙයි
එසේම පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව මෙම මත්ද්රව්ය තොගය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී, එම මත්ද්රව්ය තොගයෙහි අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 200කට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් 275 අධික තොගයක් ඇති බවට ද තහවුරු වී ඇති බව සඳහන්.
ඒ අනුව අඳාළ මත්ද්රව්ය තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතුවලට පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.