සියල්ල කම්පාකළ දෙහිවල නිවසට අත්බෝම්බ ප්‍රහාරය එල්ලකළ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට

Report

දෙහිවල සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු දෙහිවල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මේ වන විටත් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත. ඉකුත් 11 වැනිදා අලුයම 3:00ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද මෙම අත්බෝම්බ ප්‍රහාරයෙන් අදාළ නිවසේ පදිංචිව සිටි අවුරුදු 11 සහ 17 යන වයස්වල පසුවූ පිරිමි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

අද කැරට් 24 රන් පවුම කැරට් 22 න් වෙනස් වෙන මිල මෙන්න - හැමෝම හොයපු රන් මිල ගණන්

අද කැරට් 24 රන් පවුම කැරට් 22 න් වෙනස් වෙන මිල මෙන්න - හැමෝම හොයපු රන් මිල ගණන්

එසේම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම දරුවන්ගේ 55 හැවිරිදි පියා ද රෝහල් ගත කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් ප්‍රහාරයට හේතුව සහ ඊට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි ජාලය අනාවරණය කරගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ඉන්ධන මිල ගැන සප්තැම්බර් අගදී තීරණාත්මක පියවරක් - බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් විශේෂ හෙළිදරව්වක්

ඉන්ධන මිල ගැන සප්තැම්බර් අගදී තීරණාත්මක පියවරක් - බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගෙන් විශේෂ හෙළිදරව්වක්