ලොව ප්‍රමුඛ විලාසිතා සන්නාමයක් විසින් ලාංකික දරුවන්ට ඩොලර් මිලියන 2.7 ක ආධාරයක්
ශ්‍රී ලංකාවේ පාසල් ආශ්‍රිත ජාතික ආහාර වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ගෝලීය විලාසිතා සන්නාමයක් වන ''මයිකල් කෝර්ස්'' වෙතින් ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 2.7ක 'දායකත්වය එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් පිළිගෙන ඇත.
මෙම අරමුදල් මගින් ලෝක ආහාර වැඩසටහනට තම පාසල් පෝෂණ වැඩසටහන දිස්ත්‍රික්ක අටකින් දහයට දක්වා විස්තාර කිරීමේ හැකියාව ලැබෙන අතර, එමඟින් ඉදිරි වසර තුනකදී ළමුන් ''250,000කට '' දිනපතා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදිය හැකි වනු ඇත.
එමෙන්ම, මෙම මුදල ''දේශීය ගොවීන් සහ ආහාර සැපයුම්කරුවන් 1,500කට'' දේශීයව නිපදවූ හා නැවුම් භාණ්ඩ සැපයීමට සහය වේ ඊට අමතරව පාසල් 30ක සූර්ය බලයෙන් ක්‍රියාත්මක මුළුතැන්ගෙවල් ස්ථාපනය කිරීම ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම්ද සිදු කිරීමට නියමිත අතර, එම ක්‍රියාමාර්ගයන් මගින් පිරිවැය අඩු කිරීම, විමෝචන අඩු කිරීම සහ තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගෙන ඇත.
“ශ්‍රී ලංකාවේ පාසල් ආහාර වැඩසටහන ඉදිරියට ගෙන යාමේදී මයිකල් කෝර්ස්ගේ කැපවීම සහ හවුල්කාරිත්වය අපි බෙහෙවින් අගය කරමු,”
බොහෝ පවුල් සඳහා, මෙම ආහාර වේල් ජීවනාලියක් බවට පත්ව ඇත, සෑම දිනකම වැඩසටහන මෙහෙයවන ආහාර සපයන්නන්ගේ සහ ගොවීන්ගේ කැපවීමෙන් මෙය කළ හැකිය.”
යනුවෙන් ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත සහ අධ්‍යක්ෂ පිලිප් වෝඩ් පවසා තිබේ.