වහාම දැනුවත් වෙන්න විශේෂ නිවේදනයක් - හෙට පැය 19යක ජල කප්පාදුවක්

Report

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල කරස්නාගල ප්‍රධාන ජල පිරිපහදු ඒකකයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16)  දින සිට ප්‍රදේශ රැසකට පැය 19 ක දීර්ඝ කාලයක් ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිල වශයෙන් නිවේදනය කරයි.

ඒ අනුව හෙට අඟහරුවාදා පෙරවරු 08.00 සිට අනිද්දා 17 වැනිදා එනම් බදාදා පෙරවරු 03.00 දක්වා පහත සඳහන් ප්‍රධාන කලාප සහ ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ඇත.

මිනුවන්ගොඩ කලාපය යටතේ මිනුවන්ගොඩ, අස්ගිරිය, උඩුගම්පොළ, ඕපාත සහ ඒ අවට ප්‍රදේශවලට ද, ගම්පහ කලාපය යටතේ ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශය, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, වැලිවේරිය, බැලුම්මහර, රතුපස්වල හා ඒ අවට ප්‍රදේශවලට ද ජලය කැපේ.

මහර කලාපය යටතේ මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මාහරගම, සිවුරළුමුල්ල, කිරිකිත්ත, කිනිගම, ඇටිකෙහෙල්ගල්ල සහ ඒ අවට ප්‍රදේශවලට ද, අත්තනගල්ල කලාපය යටතේ රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, ඌරාපොල, අත්තනගල්ල, බටලීය, වතුපිටිවල සහ ඒ අවට ප්‍රදේශවලට ද ජල සැපයුම නතර කෙරේ.

මීට අමතරව නිට්ටඹුව කලාපය යටතේ නිට්ටඹුව, වේයන්ගොඩ, කලගෙඩිහේන, තිහාරිය, නයිවල සහ ඒ අවට ප්‍රදේශවලට ද මෙම ජල කප්පාදුව සෘජුවම බලපානු ඇත.

මෙලෙස ජල සැපයුම දීර්ඝ කාලයකට අත්හිටුවීම නිසා අදාළ ප්‍රදේශවල පාරිභෝගික ජනතාවට සිදුවන නොවැළැක්විය හැකි දැඩි අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය බලවත් කණගාටුව පළ කර සිටියි.

එබැවින් අදාළ පැය 19 ක කාල සීමාව සඳහා තමන්ට අත්‍යවශ්‍ය වන ජලය කලින්ම සුරක්ෂිතව රැස්කර තබා ගන්නා ලෙසත්, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පිරිසිදු ජලය ඉතාමත් අරපිරිමැස්මෙන් පරිභෝජනය කිරීමට වගබලා ගන්නා ලෙසත් මණ්ඩලය සමස්ත ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ පිළිබඳව කිසියම් පාරිභෝගිකයෙකුට වැඩිදුර තොරතුරු හෝ සහයෝගයක් අවශ්‍ය නම් 1939 දරන ජාතික ක්ෂණික ඇමතුම් අංකය මඟින් ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගික සේවා අංශය අමතා විමසිය හැක.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සලේ නිසා දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට එරෙහිව විමර්ශනයක්

සලේ නිසා දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට එරෙහිව විමර්ශනයක්