තුෂාර උපුල්දෙණියගේ සොහොයුරෙක් ඇතුළු බන්ධනාගාර නිලධාරීන් 16කට ස්ථාන මාරු

Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Sinhala news Breaking News Thushara Upuldeniya
By Kaushi Jun 25, 2025 02:27 PM GMT
Kaushi

Kaushi

Report

 වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙක්ට ලබන ජූලි මස 2 වනදා සිට ක්‍රියාත්මක වන ආකාරයට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ.

මෙසේ ස්ථාන මරුවීම් ලද නිලධාරීන් අතර විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙක්, බන්ධනාගාර අධිකාරීවරයෙක්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් අට දෙනෙක්, වැඩබලන බන්ධනාගාර අධිකාරීවරුන් පස් දෙනෙකු ඇතුළත් වන බව සඳහන්.

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

මෙහිදී විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඒ.සී. ගජනායක බෝගම්බර බන්ධනාගාරයේ සිට බන්ධනාගාර මූලස්ථානය වෙතත්, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඩී.ආර්.එස්. සිල්වා මහර බන්ධනාගාරයේ සිට වැලිඩක බන්ධනාගාරය වෙතත් මාරුකර ඇති බව පවසයි.

එසේම වැඩබලන බන්ධනාගාර අධිකාරී සුදන් රෝහණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරය වෙත මාරුකර ඇති බව සඳහන්.

එසේම සහකාර බන්ධනාගාර අධිකාරී එල්.පී. වර්ණකුලසූරිය වාරියපොල බන්ධනාගාරයේ සිට බෝගම්බර බන්ධනාගාරය වෙත, සහකාර බන්ධනාගාර අධිකාරී වී. අබේධීර කෑගල්ල බන්ධනාගාරයේ සිට වාරියපොළ බන්ධනාගාරය වෙත, සහකාර බන්ධනාගාර අධිකාරී කේ. ඩෙප් කළුතර බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත, සහකාර බන්ධනාගාර අධිකාරී පී. ප්‍රේමතිලක හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ සිට අනුරාධපුර බන්ධනාගාරය වෙත, සහකාර බන්ධනාගාර අධිකාරී පී. පෙරේරා පල්ලේකැලේ බන්ධනාගාරයේ සිට මැගසින් බන්ධනාගාරය වෙත, සහකාර බන්ධනාගාර අධිකාරී ඒ. උදයකුමාර බූස්ස බන්ධනාගාරයේ සිට කළුතර බන්ධනාගාරය වෙත වශයෙන් මාරුකර ඇත.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

මේ අතර වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සොහොයුරාවන සහකාර බන්ධනාගාර අධිකාරී එන්. උපුල්දෙණිය මැගසින් බන්ධනාගාරයේ සිට වටරැක බන්ධනාගාරටත් සහකාර බන්ධනාගාර අධිකාරී ආර්. ප්‍රභාත් වීරවිල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටත් මාරුකර ඇති බවට ද වාර්තා වේ.

තවද සහකාර බන්ධනාගාර අධිකාරී ඒ. රාජකරුණානායක බන්ධනාගාර මූලස්ථානයේ සිට හසිදි ප්‍රතිචාර උපක්‍රමික බලකාය වෙතටත්, සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රදීප් වසන්ත කුමාර වටරැක බන්ධනාගාරයේ සිට මාතර බන්ධනාගාරය වෙතටත්, සහකාර බන්ධනාගාර අධිකාරී එන්. ප්‍රනාන්දු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට වීරවිල බන්ධනාගාරය වෙතටත්, සහකාර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිට මාතර බන්ධනාගාරයේ සිට පල්ලේකැලේ බන්ධනාගාරය වෙතටත්, සහකාර බන්ධනාගාර අධිකාරී කුමාර එදිරිසිංහ මහර බන්ධනාගාරයේ සිට කෑගල්ල බන්ධනාගාරයටත් වශයෙන් මාරුකර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

ලාෆ් ගෑස් තොග අවසන් – බෙදාහැරීම් නතරවෙයි, ජනතාව පීඩාවට

ReeCha