බිහිසුණු වෙඩි තැබීමකින් 22 දෙනෙකු ජීවිතක්ෂයට (UPDATE / VIDEO)
............ (UPDATE).......................
අමෙරිකාවේ ලුවිස්ටන්, මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම් මාලාවෙන් මියගිය ගණන 22ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අවන්හලක සහ ක්‍රීඩා මංතීරුවක් ඇතුළු ස්ථාන කිහිපක ඊයේ (25) රාත්‍රී කාලයේ වෙඩිතැබීම් සිදුව තිබුණා.
මේ අතර එරට මාධ්‍ය පවසන්නේ, එම වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාව මේ වනවිට හඳුනාගෙන ඇති බවත් වාර්තා වෙනවා.
...........................................................................................................................
අමෙරිකාවේ ලුවිස්ටන්, මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 16දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවත් පුද්ගලයින් 50ත් - 60ත් අතර ගණනක් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි, විදෙස් මාධ්‍ය පැවසුවේ.
වෙඩිතැබීම සිදුකළ තුවක්කුකරු සොයා මෙහෙයුම් සිදුකෙරේ. මේ අතර වෙඩිතැබීම සිදුකළ සැකකරුගේ යැයි පැවසෙන ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කිරීමට ලුවිස්ටන් පොලීසිය කටයුතු කර තිබේ.
