පුංචි ඡන්දයට පැමිණිලි 150ත් පහු කරයි

Report

‍පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපරාධ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 154ක් ලැබී ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (12) දිනයේ පොලිස් මුලස්ථානය සඳහන් කළේ, අපරාධමය පැමිණිලි 05ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි 01ක් ලැබී ඇති බවයි.

ඒ අනුව මාර්තු මස 03වනදා සිට මේ දක්වා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 154ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම සිදුවීම් සම්බන්ධයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 14දෙනෙකු සහ ආධාරකරුවන් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන 11ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය.

මාස 5කට ආණ්ඩුව ට්‍රිලියන 6ක ණයක් අරන්..

මාස 5කට ආණ්ඩුව ට්‍රිලියන 6ක ණයක් අරන්..

මාස තුනට වෙඩි තැබීම් තිහක්

මාස තුනට වෙඩි තැබීම් තිහක්