මාස 5කට ආණ්ඩුව ට්‍රිලියන 6ක ණයක් අරන්..
ජාතික ජන බලවේගය බලයට පත්වී මාස 5ක කාලය තුළ රුපියල් බිලියන 6000ක ණයක් ලබාගෙන ඇතැයි හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
මෙතරම් ණය මුදලක් ගෙන ඇත්තේ රටත් ජනතාවත් උකසට තබමින් බව ඔහු චෝදනා කරයි.
රැකියාවක්, ව්‍යාපාරයක්, වගාවක් හෝ සිල්ලර කඩයක්වත් නොකර මුදල් උපයන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
