බන්ධනාගාර ලොක්කෝ 15 ක් එකපාර ප්‍රකෝටිපතියෝ වෙලා..ඒ කියන්නේ ගහපු තවත් හොර මගඩි තියෙනවද? වත්කම් පීරයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව මෙහි දී විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ අයථා වත්කම් ඔස්සේ සුපිරි නිවාස හා යාන වාහන ලබාගෙන හිටිහැටියේ ප්‍රකෝටිපතියන් බවට පත්ව ඇතැයි පැවසෙන බන්ධනාගාර ප්‍රධානින් සම්බන්ධව බව වාර්තා වේ.
මේ වන විටත් බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි විවිධ සංවිධාන හා පුද්ගලයන්ගෙන් පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

රැඳවියාට සමාව දීම ගැන සම්පූර්ණ පැටිකිරිය එළියට...මහ මොළකරු බැසිල් ද? රට පැනලා එන්නෙ නැත්තෙත් ඒ නිසා..
ඒ අනුව අඳාළ විමර්ශන සිදු කරන්නේ එම පැමිණිලි අනුව බව ප්‍රකාශ කරයි.
මෙම තත්ත්වය මත බන්ධනාගාර ප්‍රධානීන්ගේ බැංකු ගිණුම් යාන වාහන ඉඩකඩම් ඇතුළු සියලුම දේපළ සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පූර්ව විමර්ශන සිදු කරන බව වාර්තා වේ.