14 හැවිරිදි දැරියක් පැහැරගෙන රක්ෂිතයට රැගෙන ගිය තරුණයා මාට්ටු වෙයි..

Sri Lanka Police Sri Lanka
By Aruna Aug 12, 2022 03:12 AM GMT
Aruna

Aruna

Report

14 හැවිරිදි බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් දින 08ක් තිස්සේ ලුණුගල රක්ෂිතයේ සඟවාගෙන සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

මෙම බාල වයස්කාර දැරිය පැහැරගැනීමේ සිද්ධිය සම්බනධයෙන් වයස අවුරුදු 18ක තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම තරුණයා විසින් අදාල දැරිය පැහැරගෙන රක්ෂිතයේ ගල් ලෙන් තුල සැඟව සිට ඇති බවත් ඒ සඳහා 53 හැවිරිදි පුද්ගලයෙකුගේ සහාය හිමිව ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව එම 53 හැවිරිදි පුද්ගලයාද පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.