පකිස්ථානයේ පොලිස් මුරපොළක බෝම්බ ප්‍රහාරයක්
වයඹදිග පකිස්ථානයේ පොලිස් මුරපොළක සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් පසුව එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් වෙත එල්ල වූ ප්‍රහාරයකින් නිලධාරීන් 14 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් පසු ගොඩනැගිල්ල සුන්බුන් බවට පත් වී , ගඩොල්, ගිනිගත් සුන්බුන් සහ කැබලි වූ වාහන ප්‍රදේශය පුරා විසිරී ඇති බව වාර්තා වේ.
පොලිස් නිලධාරි සජ්ජාඩ් ඛාන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කඩා වැටුණු මුරපොළෙන් නිලධාරීන් 14 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගත් බවත්, තවත් පුද්ගලයින් තිදෙනෙකු ජීවතුන් අතර සිටින බව සොයාගෙන රෝහල් ගත කර ඇති බවත්ය.