ගතවූ කාලය තුළ සද්ධන්ත මරණ ගැන කණගාටුදායක වාර්තාවක්
By Kanchana
මේ වසරේ ගත වු කාලය තුළ වනඅලි මරණ 128ක් සිදුව ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය ජනවාරි පළමු දින සිට මැයි 15 දක්වා කාලය තුළ මෙම වනඅලි මරණ වාර්තා වන බවයි.
එහිදි වෙඩි තැබීම්වලින් වනඅලි මරණ 20ක් ද , විදුලිසැර වැදීම් හේතුවෙන් මරණ 15ක් ද , හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මරණ 10ක් සහ වගා ළිංවලට වැටීමෙන් මරණ 05ක් ද සිදුව ඇත.
තවද විෂ ශරීර ගතවීම්, දුම්රියේ ගැටීම්, දියේ ගිලීම් වැනි අනතුරුවලින් ද වනඅලි මරණ සිදුව ඇති බව වාර්තා වේ
වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ මීට අමතරව වන අලි පහරදීම් හේතුවෙන් පුද්ගල මරණ 35ක් ද මේ වසරේ ගත වූ කාලය තුළ වාර්තා වන බවයි .