120000කට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම - විශ්‍රාම යාමේදීත් සතුටින් සමුදීමට වැඩපිළිවෙලක්

Report

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසන්නේ මේ වසරේ දී එක්ලක්ෂ විසිදහසකට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් නොකර රට ගොඩනැගිමේ ඉලක්ක සපුරා ගත නොහැකි බවයි.

රාජ්‍ය ආයතන සහ පාසල් දැඩි අවදානමක - අධි අවදානම් ස්ථාන බව අගමැතිනිය හෙළි කරයි

රාජ්‍ය ආයතන සහ පාසල් දැඩි අවදානමක - අධි අවදානම් ස්ථාන බව අගමැතිනිය හෙළි කරයි

පසුගිය වසරේ පැවති තරග විභාගයක් තුළින් තෝරාගත් ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී තුන්වන ශ්‍රේණියේ තනතුරු 133ක් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එමෙන්ම රාජ්‍ය සේවකයාට ගෞරවාන්විතව ජීවත් වීමට අවශ්‍ය ආර්ථික ශක්තිය ලබාදීමට රජයේ අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළ බවත් පත්වීම ගන්නා විට දැනුණු සතුටෙන්ම විශ්‍රාම යාමට ද අවස්ථාව සැලසීම අරමුණ බවත් අමාත්‍යවරයා පවසා ඇත.

පාසල් සිසුන් අතර නරක ලෙඩක් පැතිරෙයි - අවුරුදු 13 ත් 17 ත් අතර ළමුන්ට අවදානම වැඩියි

පාසල් සිසුන් අතර නරක ලෙඩක් පැතිරෙයි - අවුරුදු 13 ත් 17 ත් අතර ළමුන්ට අවදානම වැඩියි