වනවාසල කැළඹූ දුම්රිය අනතුරෙන් මගීන් 12කට තුවාල - රෝහල් ගත කරයි [UPDATE][VIDEO]
අද (16) දින අලුයම වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ මගීන් 12 දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ තුවාලකරුවන් අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පුද්ගලික රෝහල්වලට ඇතුළත් කර තිබූ බවයි.
එසේම එක් තුවාලකරුවෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බවත් සඳහන්. අද අලුයම 3:25ට පොල්ගහවෙලින් පිටත්වූ මෙම දුම්රිය දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබී ඇති අතර උදෑසන 5.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,