රටටම පීඩනය දෙන අඩුපීඩන කලාපය තවමත් ඊසානේ - මහ වැසි මැද අද 1 න් පස්සේ වෙන දේ දන්වයි
අද දින නවතම දත්ත විශ්ලේෂණ අනුව, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව වාර්තා වේ.
ඒ අනුව එම පද්ධතියේ හැසිරීම, වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසු වෙන බව සඳහන්.
එසේම මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අහස වලාකුළින් බරව පවතියි.
ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව ද දන්වයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වෙන බවත් ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.