12 දෙනෙක් එකතු වෙලා රක්ෂිතය ඇතුලේ කැත වැඩක් කරලා
වීරක්කොලීචෝලේ රජයේ රක්ෂිතයේ අක්කර 600ක් එළිපෙහෙළි කරමින් සිටි පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පළමුව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්වරයාට මේ පිලිබදව තොරතුරක් ලැබුණු අතර ඔහු විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනාතවිල්ලුව වන ක්ෂේත්‍ර සහකාරවරුන්, බීට්ටු වන නිලධාරීන් සහ වනාතවිල්ලුව පොලිසිය දැනුවත් කිරීම මත මෙම වැටලීම සිදුව තිබේ.
අත්අඩංගුවට ගත මෙම පුද්ගලයන් 12 දෙනා අතර දේශිකයන් දෙදෙනෙකු සහ කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු ද අයිති වේ. මෙම සැකකරුවන් 12 දෙනා මල්විල ප්‍රදේශය හරහා රක්ෂිතයට ඇතුළු වී ඉඩම් එළිපෙහෙළි කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් සන්තකයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක් ද තිබු බව වාර්තා වේ.
නමුත් එම ලිපියෙහි කෘෂිකර්ම ව්‍යාපෘතියක් සඳහා ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලීමක් අන්තර්ගතව තිබුණද, ඊට අදාළ නිසි බලපත්‍ර හෝ ලේඛන ඔවුන් සතුව නොතිබූ බව සදහන් වේ.
වැඩිදුරටත් පුත්තලම අඩවි වන නිලධාරී සඳහන් කළේ, සැකකරුවන් රැගෙන ආ ට්‍රැක්ටර් රථය සහ වෙනත් උපකරණ කිහිපයක් වන සංරක්ෂණ නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි.
සැකකරුවන් 12 දෙනා මේ වන විට වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ රඳවා සිටින අතර, ඔවුන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට සුදානම්ව ඇත.