පාසල් සිසුන්ට නොමිලේම වටිනා ලබා දීමක් මෙන්න..

Sri Lankan Schools School Incident Latest Headlines Decision Making
By krishani Mar 29, 2024 05:05 PM GMT
krishani

krishani

Report

අද (29) දින, ආර්ථික අපහසුතා ඇති ඉතා දිළිදු පවුල්වල පාසල් යන දරුවන්ට වටිනා පාපැදි 100ක් ලබා දුන් පුවතක් මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයෙන් වාර්තා වේ.

එම අදාළ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යෑම සදහා මෙම ප්‍රදානය සිදුකර තිබෙනවා.

“ශාන්ති සජීවිකරණ ව්‍යාපාරයේ අනුග්‍රහය යටතේ මෙම පාපැදි පාසල් දරුවන්ට ලබා දෙනු ලැබීය.

ඒ මිහින්තලේ ,සීප්පුකුලම, කරුවලගස්හින්න, ශ්‍රී සුදර්ශණ බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය පොතානේ සුමංග හිමියන්ගේ ඉල්ලීම මතයි.

කෙසේ වෙතත්, අදාළ ප්‍රදානය මිහින්තලේ සීප්පුකුලම ශ්‍රී සුදර්ශන බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ දී සිදු කෙරිණ.

ReeCha