අලුත උපන් සතුන් පස් දෙනෙකුට සත්වෝද්‍යානය නම් ඉල්ලයි - නම sms කරන්න..අවසන් දිනය මෙන්න..
දෙහිවල සත්වෝද්‍යානයේ අලුත උපන් සාමාජිකයන් පස් දෙනෙකුට නම් තැබීමේ අවස්ථාව මෙරට දරු දැරියන්ට හිමි වී තිබෙනවා. ගතවූ මාස 3ක කාලය තුළ උපත ලද ක්ෂීරපායි සත්ත්ව පැටවුන් පස් දෙනෙකුටයි මෙලෙස නම් තැබීමට හැකිවන්නේ.
අරාබි ඔරික්ස් ගවයෙකු, බූරු පැටවෙකු, නයිල් හිපෝ පැටවෙකු සහ නිවුන් සිළු වඳුරු පැටවන් දෙදෙනෙකු මෙලෙස සත්වෝද්‍යානයේ එම කාලය තුළ උපත ලබා තිබෙනවා.
එම සත්ත්ව පැටවුන්ට දරුවන් විසින් යෝජනා කරනු ලබන නම් 0706 988 488 යන දුරකතන අංකයට කෙටි පණිවිඩයක් මඟි න් හෝ වට්ස්ඇප් පණිවිඩයක් මගින් දෙසැම්බර් 20 වැනි සඳු දා දිනට පෙර දැනුම් දිය යුතු බවයි.
එම පණිවිඩයේ සත්ත්ව පැටවාගේ යෝජිත නම, ඔබගේ නම, වයස, පාසල සහ ලිපිනය යොමු කර යුතු වෙනවා. එහි දී තෝරාගන්නා නම් දෙසැම්බර් 25 වැනි දා ප්‍රසිද්ධියට පත් කරන බවයි ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |