සිම්බාබ්වේ යාත්රා අනතුරකින් ළමුන් 18ක් ඇතුළු 72ක් මරුට
සිම්බාබ්වේ රාජ්යයම හඬවමින් යාත්රාවක් ගිලෙයි සිම්බාබ්වේ යාත්රා අනතුරකින් ළමුන් ඇතුලු දෙනෙකු ඇතුළු 72ක් මරුට සිම්බාබ්වේ කරිබා විලේදී යාත්රාවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් ළමුන් 18 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 72 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්ය වාර්තා කළේ, පසුගිය අඟහරුවාදා දැඩි රළ පහරකට හසුවීමෙන් මෙම යාත්රාව පෙරළී ඇති බවයි. අනතුරින් පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී තවත් මළ සිරුරු 26ක් සොයාගැනීමත් සමඟ මරණ සංඛ්යාව 72 දක්වා ඉහළ ගොස් ඇත.
කරිබා නගරයේ සිට රටේ වයඹදිග ප්රදේශයේ පිහිටි ග්රාමීය හා ධීවර ප්රජාවන් වෙත ගමන් කරමින් තිබූ මෙම යාත්රාව අනතුරට ලක්ව තිබේ. එම ප්රදේශවල මාර්ග පහසුකම් දුර්වල වීම හේතුවෙන් පොදු ප්රවාහනය සඳහා මෙවැනි යාත්රා මත ජනතාව වැඩි වශයෙන් රඳා පවතින බව සඳහන්ය.
සතියක් තුළ තුන්වන ප්රහාරය- ඉරාන ක්රියාමාර්ග හමුවේ අබුඩාබියෙන් ප්රබල රාජ්ය තාන්ත්රික අනතුරු ඇඟවීමක්
යාත්රාවේ ගමන් කළ පුද්ගලයින් සංඛ්යාව සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එහි මගීන් 153 දෙනෙකු පමණ සිටින්නට ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. කෙසේ වෙතත්, යාත්රාවේ නිල ධාරිතාව පුද්ගලයින් 90 දෙනෙකු බව බලධාරීන් පවසයි.
සිම්බාබ්වේ ආපදා කළමනාකරණ ආයතනය සඳහන් කර ඇත්තේ අනතුරෙන් පුද්ගලයින් 77 දෙනෙකු බේරාගෙන ඇති බවයි. මියගිය ළමුන් සම්බන්ධයෙන් නිකුත් කළ පොලිස් ලේඛනයකට අනුව, ඔවුන්ගෙන් 16 දෙනෙකු වයස අවුරුදු 10 හෝ ඊට අඩු දරුවන් වන අතර, මියගිය ළමුන් අතර අවුරුද්දක් වයසැති දරුවෙකුද සිටින බව වාර්තා වේ.
සිම්බාබ්වේ සහ සැම්බියාව අතර පිහිටි කරිබා විල, සම්බේසි ගඟ හරස් කර ඉදිකළ වේල්ලක් හේතුවෙන් 1950 දශකයේ අගභාගයේ සහ 1960 දශකයේ මුල් භාගයේදී නිර්මාණය වූ ලොව විශාලතම මිනිසා විසින් නිර්මාණය කළ ජලාශය ලෙස සැලකේ. එය කිලෝමීටර් 200කට වැඩි දිගකින් යුක්ත වන අතර ඇතැම් ස්ථානවල පළල කිලෝමීටර් 40ක් පමණ වේ.