රේස් පැද්ද තරුණයන් අත්අඩංගුවට.
By Hashini
අද (21) අළුයම පානදුර පරණ ගාලුපාරේ මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද තරුණයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , වලාන සහ බෙක්කේගම ප්‍රදේශයේ පදිංචි 19 ත් 25 ත් අතර වයසේ පසුවන තරුණයන් සිව්දෙනෙකු බවයි.
පානදුර ගොරකාන ප්‍රදේශයේ රාත්‍රි පෙරහැර සඳහා පානදුර උතුර පොලිසියේ නිළධාරීන් ආරක්ෂාවට යොදා සිටින බැවින් සැකකරුවන් නිදහසේ රේස් පදින බවට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගැනුණේ පල්ලියමුල්ල ඉන්ධන පිරවුම්හල අසල දීය.