තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් වැඩ පිළිවෙලක් අරඹයි...

By Parami Dissanayake Jun 26, 2024 01:50 PM GMT
Report

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙරට තරුණ ප්‍රජාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය වසරේ දී නියමු ව්‍යාපෘතියක් වශයෙන් ගම්මාන 11ක් තෝරාගෙන මෙම වැඩ පිළිවෙළ ආරම්භ කළ අතර එම ගම්මානවල ක්‍රියාත්මක කළ සියලු ව්‍යාපෘති සාර්ථක වී ඇත.

ඒ අනුව,කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ, ජූලි මස 01 දින සිට 07 දින දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙන බවයි.

මෙහිදී දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ගම්මාන 160ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස තෝරාගෙන සංවර්ධන කටයුතු ආරම්භ කෙරෙන අතර පළමු අදියර යටතේ දී එක් ගමකට රුපියල් මිලියන 10ක මුදලක් වශයෙන් ගම්මාන 160 සඳහා රුපියල් මිලියන 1600ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සඳහන් ය.