මාලිමා මන්ත්‍රීවරයෙක් පුද්ගලයෙක්ගේ කණක් කපා අත්අඩංගුවට

Report

ත්‍රිකුණාමලය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු සහ ප්‍රදේශවාසියකු අතර වූ ගැටුමකදී නාගරික මන්ත්‍රිවරයා, පිහියකින් එම පුද්ගලයාගේ කන කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙහිදී සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහලකින් ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් සඳහන් වේ.

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

ඒ අනුව මේ දිනවල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අධික වර්ෂාවක් පවතින අතර එනිසා ත්‍රිකුණාමලය උප්පුවෙලි පෙදෙසේ කාණු පද්ධතිය අවහිර වීමෙන් එහි ප්‍රදේශවාසීන්ට අපහසුතා පවතින බවට ජාතික ජනබලවේගය පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයකුට තොරතුරු ලැබී තිබෙනවා.

ලද තොරතුරු මත එම මන්ත්‍රිවරයා විසින් නගර සභාවේ සේවකයන් පිරිසක් ද සමගින් ඉකුත් 01දා අදාළ ස්ථානය වූ උප්පුවෙලි පෙදෙසට ගොස් ඇත. ඒ එම කාණු පද්ධතිය පිරිසිදු කිරීමේ කටයුත්තට බව සඳහන්.

අවුරුදු 10ට පස්සේ තවත් සංගණනයක්, ඉදිරිපත් නොවුනොත් බලපත්‍ර අලුත් කරන් නෑ

අවුරුදු 10ට පස්සේ තවත් සංගණනයක්, ඉදිරිපත් නොවුනොත් බලපත්‍ර අලුත් කරන් නෑ

මෙම අවස්ථාවේදී නාගරික මන්ත්‍රිවරයා ඇතුළු සේවකයන් එම කාණු පද්ධතිය පිරිසිදු කරමින් සිටියදී එම ස්ථානයට තවත් පිරිසක් සමග පැමිණි ප්‍රදේශවාසියකු අදාළ කටයුතුවලට බාධා පමුණුවමින් මන්ත්‍රිවරයා සමග ගැටුමට මුලපුරා ඇති බව මන්ත්‍රිවරයාගේ පාර්ශ්වය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් එහි දී දෙදෙනා අතර ගැටුමක් ඇති වී එම පුද්ගලයා මන්ත්‍රිවරයාට පොල්ලකින් පහරදීමට යාමේදී තම ආරක්ෂාව පතා මන්ත්‍රිවරයා පඳුරු කැපීමට රැගෙනවිත් තිබුණු පිහියකින් එම පුද්ගලයාට පහර දුන් බව ඔවුහු සඳහන් කරයි.

එසේම පහර කෑ පුද්ගලයා සහ නාගරික මන්ත්‍රිවරයා අතර පවතින පැරණි කෝන්තරයක් ඉස්මතු වීමෙන් අඳාළ ගැටුම හටගත් බවටද තොරතුරු ලැබී තිබෙනවා.

මේ අතර පිහියකින් පහරදී පුද්ගලයකුට තුවාල කිරීමේ චෝදනාවට අදාළ මන්ත්‍රිවරයාව ත්‍රිකුණාමලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රනිල්ගේ පෞද්ගලික ලේකම් අද CIDයට

රනිල්ගේ පෞද්ගලික ලේකම් අද CIDයට

දොර කඩාගෙන ගෙට පැනලා ගැබිණි කතට අතවර කෙරූ නරුමයා

දොර කඩාගෙන ගෙට පැනලා ගැබිණි කතට අතවර කෙරූ නරුමයා