අවුරුදු 10ට පස්සේ තවත් සංගණනයක්, ඉදිරිපත් නොවුනොත් බලපත්‍ර අලුත් කරන් නෑ

Report

ජාතික ධීවර යාත්‍රා සංගණනය අද (04) දින ආරම්භ වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව එහි පළමු අදියර අද පානදුර ධීවර වරායෙන් ආරම්භ වන අතර එය ලබන 20 වනදා තෙක් රට පුරා ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

එසේම මෙම ධීවර යාත්‍රා සංගණනය වසර 10කට පමණ පසු, මුළු රටම ආවරණය වන පරිදි පවත්වන බව වාර්තා වේ.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ මෙරට වෙරළ තීරයේ පවතින 50,000ක් පමණ වන ධීවර යාත්‍රා පිළිබඳව යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම මෙම සංගණනයේ ප්‍රධාන අරමුණක් බවයි.

ඒ අනුව එහිදී සක්‍රීය ධීවර යාත්‍රා හඳුනාගැනීම, භාවිතයේ නොයෙදෙන සහ අබලන් වූ යාත්‍රා වෙරළ තීරයෙන් ඉවත් කර "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට සහාය වීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට දායකවීම සහ ධීවර මෙහෙයුම් බලපත්‍ර ක්‍රමවත් කිරීම මෙම ධීවර යාත්‍රා සංගණනයේ දී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

එමෙන්ම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සෑම ධීවර තොටුපළකටම පැමිණ, යාත්‍රා පරීක්ෂා කර විශේෂ ස්ටිකරයක් ඇලවීම ද මෙම සංගණනය කාලයේ දී සිදුකරනු ඇති බව සඳහන්.

මේ අතර සංගණනයෙන් රැස්කරගන්නා තොරතුරු මත එළඹෙන වසරේ සිට, ධීවර යාත්‍රා මෙහෙයුම් බලපත්‍ර සහ අනෙකුත් සියලුම සහන සේවා කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන්.

පිස්සු හැදෙයි, ආයේ බබාලා හදන්න ගෑණු වෙන්නම ඕනේ නෑ මේ අයටත් පුළුවන්

පිස්සු හැදෙයි, ආයේ බබාලා හදන්න ගෑණු වෙන්නම ඕනේ නෑ මේ අයටත් පුළුවන්

ඒ අනුව මෙමඟින් රටේ ධීවර යාත්‍රා පිළිබඳ යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර, සංගණනයට ඉදිරිපත් නොවන යාත්‍රාවල මෙහෙයුම් බලපත්‍ර අලුත් නොකිරීමටද තීරණය කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මහින්ද කුලියට ගෙයක් හොයයි නිල නිවස බාරදෙයි අසනීප නිසා දුරට යන්න කැමති නැහැ

මහින්ද කුලියට ගෙයක් හොයයි නිල නිවස බාරදෙයි අසනීප නිසා දුරට යන්න කැමති නැහැ