රටේ මිනිස්සු වාහන ගන්නවා වැඩියි, ඒ නිසා බදුයි පොලියයි වැඩි කරන්න සූදානමක්

vehicle imports sri lanka Latest Headlines Import Income Tax Return Sinhala news
By Kaushi Aug 04, 2025 06:02 AM GMT
Kaushi

Kaushi

Report

වාහනවලට පවතින ඉහළ ඉල්ලුම අඛණ්ඩව පැවතියහොත්, ඉදිරි මාසවලදී ද මෙරට වාහන ආනයනය අධෛර්යමත් කිරීමේ අරමුණින් රජයට ප්‍රතිපත්තිමය පියවර ගැනීමට සිදු වනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ යටතේ එළඹන වසරේ අයවැයෙන් වාහනවලට වන බදු සහ වාහන මිලදී ගැනීම් සඳහා ලබා දෙන ණය පහසුකම්වලට අය කරන පොලී අනුපාත ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු කිරීමට ඉඩ ඇති බව ද සඳහන්.

අවුරුදු 10ට පස්සේ තවත් සංගණනයක්, ඉදිරිපත් නොවුනොත් බලපත්‍ර අලුත් කරන් නෑ

අවුරුදු 10ට පස්සේ තවත් සංගණනයක්, ඉදිරිපත් නොවුනොත් බලපත්‍ර අලුත් කරන් නෑ

එසේම ඉකුත් පෙබරවාරි මාසයේදී වසර පහකට පසු වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් අනතුරුව වාහන ආනයනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ණයවර ලිපි විවෘත කර ඇති බව වාර්තා වී තිබෙනවා.

ඒ අතරින් ඩොලර් මිලියන 550 ක ණයවර ලිපි වෙනුවෙන් දැනටමත් ගෙවීම් සිදු කර ඇති බවත් සඳහන්.

කෙසේ වුවත් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පවතින ඉල්ලුම අඛණ්ඩව පැවතියහොත් එය කළමනාකරණය කිරීමට රජයට ක්‍රියාමාර්ග ගැනීමට සිදු වනු ඇති බවයි.

රනිල්ගේ පෞද්ගලික ලේකම් අද CIDයට

රනිල්ගේ පෞද්ගලික ලේකම් අද CIDයට

ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති වැඩසටහනට අනුව, වාහන ආනයනයට සීමා පැනවීම අපහසු වුවද, ආනයනය අධෛර්යමත් කිරීමට පියවර ගැනීමට රජයට හැකියාව ඇත.

තවද නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් එවැනි ක්‍රියාමාර්ග ගැනීමට ඉහළ සම්භාවිතාවක් තිබෙනවා.

එමෙන්ම දැනටමත් පෞද්ගලික භාවිතය සඳහා වාහන 30,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇති බවද පවසයි.

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

ReeCha