උණුවතුර බොයිලේරුවකට වැටී තරුණයෙක් ජීවිතක්ෂයට..!

By Sewvandhi Oct 01, 2023 11:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වැලිපැන්න පොලීසිය පවසන්නේ, උණුවතුර බොයිලේරුවකට ඇදවැටී ඉන්දියන් ජාතිකයෙකු මියගොස් ඇති බවයි.

පොලීසිය සඳහන් කළේ, මෙසේ මියගොස් ඇත්තේ වැලිපැන්න, මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ ජේ. රාජ්බායි නමැති 34 හැවිරිදි පුද්ගලයකු බවය.

මියගොස් ඇති පුද්ගලයා ඊයේ (30) අලුයම මීගම, දර්ගා නගරය ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී උණුවතුර බොයිලේරුවකට ඇදවැටී රෝහල්ගත කර ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සඳහන් වේ. වැලිපැන්න පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ReeCha