ගුවන් ගමනේ දී රටකජු පැකට් 48ක් ගන්න කතකට බල කරලා.

By krishani Aug 08, 2023 03:56 PM GMT
Report

රටකජුවලට ආසාත්මිකතාවයක් ඇති කාන්තාවකට ගුවන් ගමනේ දී රටකජු පැකට් 48ක් මිල දී ගැනීමට බල කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ එක්සත් රාජධානියේ 27 හැවිරිදි Leah William නම් කාන්තාවටයි.

ජර්මනියේ සිට ලන්ඩන් දක්වා ගමන් කළ ගුවන් යානය තුළ මෙලෙස රටකජු මිල දී ගැනීමට මැදිරියේ කාර්ය මණ්ඩලය පැවසූ නිසා ඒවා මිල දී ගැනීමට සිදු වු බව ඇය පවසා තිබෙනවා.

ඇය රටකජුවලට දැඩි ලෙස අසාත්මික වීමෙන් පසුව යුරෝ 144 ඖෂධ සඳහා ද වියදම් කර ඇති අතර එම තත්ත්වය හැසිර වු ආකාරය ගැන ගුවන් සමාගම ලැජ්ජා විය යුතු බව ඇය මාධ්‍ය වෙත කියා ඇත.

කෙසේ වෙතත්, එම සිදු වු අපහසුතාවය ගැන කණගාටු වන බව පිළිතුරු ලෙසින් එම ගුවන් සමාගමේ නිලධාරීන් පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, තම ගමන් මලු තුළ අසාත්මිකතා සඳහා ඖෂධ රැගෙන එන ලෙසත්, අසාත්මිකතා පිළිබඳව මැදිරි කාර්ය මණ්ඩලයට කල්තියා දැනුම් දෙන ලෙසත් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලා ඇත.