පන්සල බලා කියා ගන්න කියලා මුහුණු පොතෙන් වඩම්මවපු හාමුදුරුවෝ මුළු පන්සලම වඩාගෙනම ගිහින්..

Sri Lanka Police Facebook Sri Lanka
By Piyumika Dec 01, 2024 08:12 AM GMT
Piyumika

Piyumika

Report

මාව­නැල්ල, කර­හ­ම්පි­ටි­ගොඩ, ඛෙත්තා­රාම පුරාණ විහා­ර­ස්ථා­නයේ වැඩ­සි­ටී­මට පැමිණි තරුණ හිමි­න­මක් විහා­ර­ස්ථා­නයේ ඉහළ මහලේ බුදු කුටියේ තිබුණු වසර 150ක් පැරණි රිදි­යෙන් නිම­කළ රුපි­යල් කෝටි දෙක­කට අධික වටි­නා­ක­මක් ඇති මකර තොරණ සමඟ පිත්තල බුද්ධ ප්‍රති­මා­වක් සොරා­ගෙන ගොස් ඇතැයි මාව­නැල්ල පොලී­සිය සඳ­හන් කරයි.

මෙම සොර­කම පසු­ගිය 28 වැනිදා අලු­යම් කාල­යේදී සිදුව ඇතැයි පොලී­සිය සැක­ක­රන අතර හිත්තැ­ටියේ සමිත නමින් පෙනී සිටි හිමි­න­මක් මෙම සොර­කම සිදු­කර ඇතැයි විහා­රා­ධි­පති මැදි­රි­ගි­රියේ පුඤ්ඤ­සාර හිමියෝ පව­සති.

තමන් වහ­න්සේට විහා­ර­ස්ථාන 04ක් ඇති බවත් තමන් වහන්සේ වැඩ සිටින්නේ වෙනත් විහා­ර­ස්ථා­න­යක බවත් මැදි­රි­ගි­රියේ පුඤ්ඤ­සාර හිමියෝ පව­සති.

ලොවම කඳුළු සාගරයේ ගිල්වා ඔහු යන්නම ගිහින්..

ලොවම කඳුළු සාගරයේ ගිල්වා ඔහු යන්නම ගිහින්..

මෙම විහා­ර­ස්ථා­නය ඇතුළු සෙසු විහා­ර­ස්ථා­න­වල කට­යුතු නිරත සොයා බලන බව ද උන්ව­හන්සේ සඳ­හන් කළහ.

සොර­කම සිදු වූ මෙම විහා­ර­ස්ථා­නයේ වැඩ සිටින්නේ වය­ස්ගත හිමි­න­මක් බවද උන්ව­හන්සේ සඳ­හන් කළහ.

මේ නිසා විහා­ර­ස්ථා­නයේ ආග­මික කට­යුතු සිදු­ක­ර­මින් විහා­ර­ස්ථා­නය බලා කියා­ගෙන සිටීම සඳහා හිමි­න­ම­කගේ අව­ශ්‍ය­තා­වක් ඇතිවූ බැවින් තමන් වහ­න්සේගේ මුහු­ණු­පොත ඔස්සේ ඒ බව සඳ­හන් කර­මින් දැන්වී­මක් පළ­කළ බවත් ඒ අනුව හිත්තැ­ටියේ සමිත නම් වූ මෙම තරුණ හිමියෝ තමාට කතා­කළ බවත් මැදි­රි­ගි­රියේ පුඤ්ඤ­සාර හිමියෝ පැව­සූහ.

කතා බහ කිරී­මේදී එම හිමි­යන් ගැන යම් පැහැ­දී­මක් ඇති බවත් උන්ව­හන්සේ බිය­ගම විහා­ර­ස්ථා­න­යක වැඩ සිටින බව පැවසූ බවත් මැදි­රි­ගි­රියේ පුඤ්ඤ­සාර හිමියෝ පව­සති.

දුරකථනය අයින් කරලා නැවත අලියව ගේන ලකුණු..මාලිමාව පෙරලන්න ගහන්න හදන අලුත්ම සැලැස්ම..

දුරකථනය අයින් කරලා නැවත අලියව ගේන ලකුණු..මාලිමාව පෙරලන්න ගහන්න හදන අලුත්ම සැලැස්ම..

තමාට මුහු­ණු­පොත ඔස්සේ කතා කළ හිමි­යන්ට සිය නායක හිමි­ය­න්ගෙන් ලිපි­යක් ද රැගෙන පැමි­ණෙන ලෙස ද දැනුම් දුන් බව මැදි­රි­ගි­රියේ පුඤ්ඤ­සාර හිමි සඳ­හන් කළහ.

එහෙත් පසු­ගිය 23 වැනිදා උන්ව­හන්සේ නායක හිමි­යන්ගේ ලිපිය නොමැ­තිව පැමිණි බවත් 25 වැනිදා සිය මව අස­නීප තත්ත්වයේ පසු­වන බව සඳ­හන් කර­මින් මාතර යන බව කියා විහා­ර­ස්ථා­න­යෙන් පිටත්ව ගිය බව මැදි­රි­ගි­රියේ පුඤ්ඤ­සාර හිමියෝ සඳ­හන් කළහ.

නැව­තත් 27 වැනිදා පාන්දර පැමිණි උන්ව­හන්සේ 28 වැනිදා අලු­යම් කාල­යේදී පැන­ගොස් ඇත්තේ විහා­ර­ස්ථායේ ඉහළ මහලේ බුදු කුටියේ තිබුණු රිදි­යෙන් නිම­ක­රන ලද ඉපැ­රණි තොරණ සමඟ පිත්තල බුද්ධ ප්‍රති­මා­වක් ද රැගෙන බව විහා­රා­ධි­පති මැදි­රි­ගි­රියේ පුඤ්ඤ­සාර හිමියෝ වැඩි­දු­ර­ටත් සඳ­හන් කළහ.

මොනවා මොකක්ද මේ චන්දිමාල් කියන කතාව..ෆෑන්ස් ක්ලබ් එකට නම් සතුටු හිතෙන දෙයක් නම් නෙවේ..

මොනවා මොකක්ද මේ චන්දිමාල් කියන කතාව..ෆෑන්ස් ක්ලබ් එකට නම් සතුටු හිතෙන දෙයක් නම් නෙවේ..

පොලි­සිය පව­සන්නේ සොරා­ගත් රිදී මක­රාගේ රුව සහිත තොරණ කි‍ලෝ 60ක් පමණ බරැති බවයි. රුපි­යල් කෝටි 02කට අධික වටි­නා­ක­මක් ඇති මෙම තොරණ සොරා­ගත් හිත්තැ­ටියේ සමිත නැමැති හිමි­නම සැබෑ ලෙසම භික්ෂු­වක් ද නැති­නම් සිවු­රු­ධාරී පුද්ග­ල­යකු ද යන්න ගැන කිසිදු තොර­තු­රක් මෙතෙක් අනා­ව­ර­ණය වන්නේ නොවන බව පොලී­සිය කියයි.

විහා­රා­ධි­පති හිමි­යන්ද මෙම සැක­කාර හිමි­නම ගැන වැඩි තොර­තුරු නොදන්නා බවද පොලී­සිය කියයි. මෙම විහා­ර­ස්ථා­නය වසර 200කට වැඩි ඉති­හා­ස­යක් ඇති ස්ථාන­යක් බවත් මෙම මකර තොරණ තිබී ඇත්තේ බුද්ධ මන්දි­රයේ උළු­ව­ස්සට ඉහ­ළින් බවත් පොලී­සිය සඳ­හන් කළේය.

මෙම සොර­කම සම්බ­න්ධ­යෙන් මාව­නැල්ල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක ලසන්ත කළු­ආ­රච්චි මහ­තාගේ නියෝ­ග­මත අප­රාධ විම­ර්ශ­නය ඒක­කය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.  


You may like this video

ReeCha