විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නව ලියාපදිංචි ක්‍රියාවලිය ආරම්භයි
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංචාරක කර්මාන්තයට ඉන්ධන ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය අනුව, සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් තම ඉන්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් හඳුන්වා දී ඇති විශේෂ මාර්ගගත ද්වාරය හරහා tourismfuel.sltda.gov.lk අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කළ යුතුය.
තවද, ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය පෝරමයට ප්‍රවේශ වීමට සහ එය සම්පූර්ණ කිරීමට Gmail ගිණුමක් තිබීම අනිවාර්ය බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.