බදාදා රජයේ නිවාඩුව සිකුරාදාට දීමෙන් දීර්ඝ නිවාඩුවක් ලැබෙයි - බදාදා නිවාඩුව ගැන අමාත්‍යවරයාගේ ප්‍රකාශය

Report

රජයේ සේවාවන් දිගුකාලීන බාධාවකින් තොරව සිදු කිරීම සහතික කිරීමේ අරමුණින් බදාදා දිනය විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කර තිබේ. කොළඹ පැවති කැබිනට් තීරණ නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මෙම ප්‍රකාශය කළේය.

මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පැන නගින ඉන්ධන සැපයුම් ගැටළුව සැලකිල්ලට ගනිමින් බදාදා දිනය රජයේ දෙපාර්තමේන්තු සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ පැහැදිලි කිරීම් සිදු කළේය.

රටටම සුභ ආරංචියක් - සුළු මොහොතකට පෙර ගෑස් නැව් දෙකක් ලංකාවට - ආයේ ගෑස් ප්‍රශ්ණේ ඉවරයි

රටටම සුභ ආරංචියක් - සුළු මොහොතකට පෙර ගෑස් නැව් දෙකක් ලංකාවට - ආයේ ගෑස් ප්‍රශ්ණේ ඉවරයි

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල අඛණ්ඩව නිවාඩු ලබා දුනහොත් එය කාර්යාල කටයුතු සදහා දැඩි ලෙස බලපාන බවත් මෙය මහජනතාවට සේවා සපයන රජයේ යන්ත්‍රෝපකරණවල ප්‍රධාන බාධකයක් ඇති කරන බවත්ය.

නමුත් නිවාඩු දිනය සතියේ මැද භාගය වන බදාදාට මාරු කිරීමෙන්, රජයේ කටයුතු දිගු කාලීන බාධාවකින් තොරව සැලසුම් කර ක්‍රියාත්මක කළ හැකිය. මෙම යෝජනාව හරහා, රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට සහ අත්‍යවශ්‍ය සේවාවන් සතිය පුරා ක්‍රියාත්මක වන බව සහතික කිරීමට ක්‍රමයක් සකසා ඇත.

"ඉන්ධන ආර්ථිකය පවත්වා ගනිමින් රටේ පරිපාලන ව්‍යුහය ඇණහිටීමකට ලක් නොවන බව සහතික කිරීම මෙම යෝජනාවේ මූලික අරමුණයි." ලෙස ඔහු පැහැදිලි කළේය.

උසස් පෙළ විභාග ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර - සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල පිළිබදවත් දැනුම්දීමක්

උසස් පෙළ විභාග ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර - සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල පිළිබදවත් දැනුම්දීමක්

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි