එපා කියලා විසි කරපු කැකිරිවලින් මෙහෙමත් කරන්න පුළුවන් [PHOTOS]

Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes Sinhala news Life Style
By Kaushi Jun 26, 2025 11:21 AM GMT
Kaushi

Kaushi

Report

මිනිස්සු මහ හඬින් හිනාවෙද්දි අතීතේ සිංහල ගැමියෝ ඒකට කිව්වෙ කැකිරි පලනවා කියලා.

එහෙම කියද්දි අද කාලේ සමහරු අහනවා මොකක්ද ඒ කිව්වෙ කියලා.

කොහොම වුණත් මේ කියන්න යන්නේ ඒ කැකිරි ගැන නම් නෙවෙයි. අද කියන්න යන්නේ එළවළුවක් පලතුරක් වගේම, රෝග ඖෂධයක්, ව්‍යංජන රස කරගැනීමට යොදන පොල් කිරට ආදේශකයක් විදිහටත් ගන්න පුළුවන් බහුකාර්ය සේවාවක් කරන කැකිරි ගැන.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

කැකිරි කියන ශාකය කුකර්බිටේසියේ කුලයට අයිති වෙනවා. ඒ වගේම කර්කෝටකී නම් වූ සකු නාමයෙන් හඳුන්වන කැකිරි උෂ්ණ ප්‍රදේශයන්හි වගා කරන ශාකයක් වුවත් සිසිල් දේශගුණයන්හි ද වගා කරන්න පුළුවන්.

කැකිරි ගෙඩිය මත කහ කොළ වර්ණ හෝ එම වර්ණ මිශ්‍ර වුණ විවිධ රටා දැකගන්න පුළුවන්.

හේන් කැකිරි (Cucumis melo), සීනි කැකිරි (Cucumis sativus) කියලා ප්‍රධාන කැකිරි ප්‍රභේද දෙකක් තියෙනවා.

මේ කැකිරි මීට අවුරුදු ගාණකට කළින් ඉන්දියාවේ උපත ලබා පැතිරුණා කියලා තමයි ආරංචි වෙන්නේ.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

මේ වෙන කොට කැකිරි අපේ ලංකාවේ වගේම චීනය, කොරියාව, ජපානය ආදී රටවල් ගණනාවකම දැකගන්න පුළුවන්.

කොහොම වුණත් පිටි කැකිරි, පිටිට්ටු කැකිරි කියලා හඳුන්වන සීනි කැකිරි දකින්න ලැබෙන්නේ නම් ශ්‍රී ලංකාවේ දි කියලා තමයි කියන්නේ.

ඒ වගේම මේ කැකිරි දෙවර්ගය ම, ගොඩක් සමාන ගුණවලින් යුක්තයි.

කැකිරි ඖෂධයක් විදිහට පවා පරිභෝජනය කරන්න පුළුවන් වුණත් අවාසනාවකට වගේ අද එළවළු අතරින් බොහෝ දෙනෙක් කැකිරි ආහාරයට ගැනීමට අකමැති බව හෙළි වෙලා තියෙනවා.

ජනාධිපති පොදු සමාවෙන් කාන්තාවන් දෙන්නෙක් මරලා දාපු හිටපු ඇමති බිරිදකුත් නිදහස් කරන්

ජනාධිපති පොදු සමාවෙන් කාන්තාවන් දෙන්නෙක් මරලා දාපු හිටපු ඇමති බිරිදකුත් නිදහස් කරන්

ඒ ඔවුන් කැකිරිවල තිබෙන සුවිශේෂී ඔසු ගුණ පිළිබඳව නොදන්නා නිසා කියලා තමයි කියන්නේ.

මොකද කැකිරිවල තිබෙන ගුණ දන්න කෙනෙක් නම් කැකිරි කන්නැතුව ඉන්නවා බොරු.

කැකිරිවල තිබෙන ගුණ විදිහට,

- කාබෝහයිඩ්‍රේට්, මැග්නීසියම්, පොටෑසියම් තන්තු ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් තිබීම

- දවසකට කැකිරි ග්‍රෑම් 2.5ක් ආහාරයට ගන්නේ නම් සිරුරට අවශ්‍ය යකඩ හා මැග්නීසියම් අවශ්‍යතාව සැපිරීම

- කැකිරි යනු මේදය රහිත ජලය සහිත ඵලයක්

- වාතය, සෙම සමනය කිරීම

- පණු රෝගවලට ගුණයි

- මල බද්ධය වැළකීම

- ආහාර රුචිය වැඩි කිරීම

- දියවැඩියාව, අධි රුධිර පීඩනය වැළැක්වීම

- හෘදයාබාධ වැළැක්වීම

- මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය ආදී මුත්‍රා රෝගවලට සහනයක් වේ

- අධික පිපාසය, නින්ද නොයාම, හිසේ අමාරු ආදියට විරුද්ධව ක්‍රියා කිරීම

ව්‍රායි නීතිය කඩපු නිසා කොළඹ මංගල සභා රැස්වීම කල් යයි

ව්‍රායි නීතිය කඩපු නිසා කොළඹ මංගල සභා රැස්වීම කල් යයි

- වකුගඩු රෝග, අම්ල පිත්ත රෝග හා පුරස්ථි ග්‍රන්ථි රෝග ඇතිවීම පාලනය කිරීම

- ලවණ අධික කිවුල් ජලය පානය කිරීම නිසා ඇතිවෙන මුත්‍රා ආශ්‍රිත රෝග හා වකුගඩු ගල් සෑදීම ආදී උවදුරුවලින් ශරීරය ආරක්ෂා කිරීම

- මුත්‍රාශ ගල් දිය කිරීමේ සුවිශේෂ ගුණයක් තිබීම

- පිළිකා ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුක්තයි

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

මේ ගුණ ගැන අතීතයේ මිනිස්සු අවබෝධෙන් හිටපු නිසාම අතීතයේ ගැමි කාන්තාවන් පොල් කිරි වෙනුවට කැකිරි ඇට අඹරා ඇල්දියෙන් මුසු කොට ව්‍යාංජන පිසලා තියෙනවා.

ඒ නිසා ඔවුන්ට බෝ නොවන රෝග වැළදීමේ අවදානම ඉතාම අඩු තත්ත්වයක තිබ්බා කියලත් වාර්තා වෙනවා.

කොහොම වුණත් අද ඉඳන්වත් එළවළු ගන්න යද්දි පැත්තකට කරන කැකිරි එක් වේලකට හරි ආහාරයක් ලෙස එකතු කර ගත්තොත් එය ශරීර සෞඛ්‍ය නීරෝගීව තබා ගන්න ඔබ හිතනවාට වඩා උදව් වෙන බව නම් විශ්වාසයි.  

සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක්

සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක්

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha