යෝෂිතට හා ඩේසි ආච්චිට පොලිසියෙන් වැට බඳී. - මෙන්න පොලිසිය අද ඒ දෙදෙනා ගැන ගත් තීරණය.

By Wayomi Feb 11, 2025 07:11 AM GMT
Report

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

එම විමර්ශන අනුව මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබී ඇති අතර එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක් වශයෙන් මෙම ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවත් හෙළි වී ඇත.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට් නම් කාන්තාවත් මේ සඳහා සැකකාරියක් වශයෙන් නම් කිරීමට පොලීසියට උපදෙස් ලබා දී ඇති අතර අද (11) දින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාවට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේදී සැකකරුවන් වශයෙන් නම් කර මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

අද විදුලි කප්පාදුවේ වෙනසක්. - වේලාවන් සහ ප්‍රදේශ සමඟ අලුත් කාලසටහන මෙන්න.

අද විදුලි කප්පාදුවේ වෙනසක්. - වේලාවන් සහ ප්‍රදේශ සමඟ අලුත් කාලසටහන මෙන්න.

එහිදී අදාළ කාන්තාවට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර මේ සම්බන්ධ සියලු සැකකරුවන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමටත් කටයුතු කරන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග කියා සිටියා.

සමාගම් වාහන ආනයනය සීමා කරයි.? - ණයවර ලිපි විවෘත කරවාගෙන මෙහෙයුම් ගාස්තුවක් අය කරයි.

සමාගම් වාහන ආනයනය සීමා කරයි.? - ණයවර ලිපි විවෘත කරවාගෙන මෙහෙයුම් ගාස්තුවක් අය කරයි.


You may like this video