චුට්ටක් චුට්ටක්... කිය කිය හිටපු යොහානි එක රැයෙන් මුළු ඉන්දියාවම හොල්ලයි - පිස්සු වැටුණු රසිකයින්ගෙන් නොහිතපු තෑග්ගක්

Report

යොහානි කියන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ නිතර කතාබහට ලක් වෙන චරිතයක් නේ. හැබැයි මේ පාර ඇගේ නම මේ විදිහට මේ සද්දෙට ඇහෙන්නේ ලංකාවෙන් නම් නෙවෙයි.

ඒ අපේ අසල්වැසි රට වුණ ඉන්දියාවෙන්. වාර්තා වුණ විදිහට මෙවර යොහානි ඉන්දියාවේ Arunachal Pradesh ප්‍රාන්තයේ Ziro Valley හි තිබුණු Ziro Festival of Music 2026 සඳහා එක්වෙමින් සිංහල භාෂාව ප්‍රධාන කරගත් අපූරු සංගීත ප්‍රසංගයක් පවත්වා තිබෙනවා.

ඉතින් මේ ප්‍රසංගයේ තිබුණු විශේෂත්වය වුණේ වෙන රටක පැවති ජාත්‍යන්තර සංගීත උළෙලක සිංහල ගීත ගායනා කරද්දී විදේශීය රසිකයනුත් ඒ ගීත සමඟ එක්ව ගායනා කිරීමයි.

ඉතින් යොහානිගේ ජනප්‍රිය ගීතයක් වුණ “චුට්ටක් චුට්ටක්” ගීතය ගායනා කරන මොහොතේ රසිකයන් ඇය සමඟ එකතු වී මේ ගීතයේ පද ගායනා කර තිබෙනවා කියලා තමයි ආරංචිය ආවේ.

"අවුරුදු 7ක් ගෙවුණු අපූරු ආදර කතාව" - සමිතා මුදුන්කොටුව සැමියා චිරන්ත ගැන මුහුණුපොතට එකතු කළ ආදරණීය සටහන!

"අවුරුදු 7ක් ගෙවුණු අපූරු ආදර කතාව" - සමිතා මුදුන්කොටුව සැමියා චිරන්ත ගැන මුහුණුපොතට එකතු කළ ආදරණීය සටහන!

ඒවගේම ඒ මොහොතේ වේදිකාවේ පිටුපස දැවැන්ත තිරයේ ශ්‍රී ලංකා ජාතික ධජය දිස්වා තිබීමත් විශේෂ සිදුවීමක්. ඒ විතරක් නෙවෙයි ප්‍රසංගය අවසන් වෙන්න ළං වෙද්දී රසිකයන්ගෙන් “ආදරෙයි... ආදරෙයි...” යනුවෙන් ඇගේ දෙවැනි ඇල්බමයේ නම වන “Aadarei” යන වචනය රසිකයන් එක හඬින් කියමින් ඇයව දිරිමත් කරලත් තිබෙනවා.

වසර කිහිපයකට පෙර “මැණිකේ මගේ හිතේ” ගීතය ඔස්සේ ලෝකයේම අවධානය දිනාගත් යොහානි, මේ වන විට තමන්ගේම නිර්මාණ සමඟ ජාත්‍යන්තර වේදිකාවලට ගමන් කරමින් සිටින්නේ මේ වන විටත් ඇගේ දෙස් විදෙස් රසික ප්‍රමාණය වැඩි කරගනිමින්.

මෙම සිදුවීමෙන් පසුව යොහානි මෙම අත්දැකීම ගැන සඳහන් කරමින්, තමන්ගේ භාෂාව කතා නොකරන දහස් ගණනක් දෙනා තමන්ගේ ගීතයක් ගායනා කරනු ඇසීම තම වෘත්තීය ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වූ බව කිව්වා.

ජපන් ගිහිල්ලත් ඉවරයි - ජපානයේ ඉන්න විදේශිකයන්ට නරක ආරංචියක් - මේ ගාස්තු 20 ගුණයකින් ඉහළට

ජපන් ගිහිල්ලත් ඉවරයි - ජපානයේ ඉන්න විදේශිකයන්ට නරක ආරංචියක් - මේ ගාස්තු 20 ගුණයකින් ඉහළට

ඒ වගේම ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන්, ශ්‍රී ලංකා ධජය ඉදිරියේ, සිංහලෙන් ගී ගයද්දී ලෝකයේ රසිකයන් ඒ සමඟ ගායනා කළ බවත් ඇය කියන්නේ උතුරා යන සතුටකින්.

Ziro Festival of Music යනු විවිධ රටවල සංගීත ශිල්පීන් සහ රසිකයන් එකට එක්වන ජාත්‍යන්තර සංගීත උළෙලක් වෙන අතර මෙවර උළෙලේදී රටවල් 10කට වැඩි ප්‍රමාණයකින් කලාකරුවන් 41 දෙනෙකු පමණ සහභාගී වී ඇත. ඒ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොහානිගේ සහභාගීත්වයද විශේෂ අවධානයක් දිනාගෙන තිබුණා.  

මාසේ පටන් ගද්දිම රන් මිල ඉස්තරම් වෙයි - අද උදේ ඉඳන් හොයපු කැරට් 24 පවුමක මිල මෙන්න

මාසේ පටන් ගද්දිම රන් මිල ඉස්තරම් වෙයි - අද උදේ ඉඳන් හොයපු කැරට් 24 පවුමක මිල මෙන්න