කවුරුත් ආදරය කළ යොහානිගේ මැණිකේ ගීතයට සිදු වුණු දේ (VIDEO)

Gossip manike mage hithe Yohanai
By Sithumi Sep 19, 2021 01:19 PM GMT
Sithumi

Sithumi

Report

මෑත කාලයේ ලෝකයේ රටවල් ගණනාවක ජනප්‍රියත්වයට පත්වූ යොහානි සිල්වා ගායනා කරන, මැණිකේ මගේ හිතේ, ගීතයේ අයිතිය ඉන්දියාවේ ‘ටී සීරීස් ’ ආයතනය ළබා ගෙන ඇත. 

 ටී සීරීස් ⁣විසින් ⁣සිංහල ගීයක අයිතිය ලබා ගන්නා ලද පළමු අවස්ථාව මෙය වේ. ඒ අනූව‘ මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ සෑම භාෂාවකින්ම ගැයීමේ අයිතිය මෙම සමාගම සතුවේ. 

යොහානි ගයන ලද මේ ගීය ඉදිරියේදී ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායකයෙක් ගයනු ඇතැයි ද ‘ මැණිකේ මගේ හිතේ’ ගීයේ මුල් ගායක ශතිෂාන් රත්නායක ‘අරුණ’⁣ ට පැවැසුවේය. තම ගීය මෙ වන විට ලෝකයේ තෙවැනි ස්ථානයට පැමිණ ඇතැයිද, ඉන්දියාවේ පමණක් මිලියන 107 ක පිරිසක් නරඹා ඇතැයිද ශතිෂාන් පැවැසුවේය. 

 ඉන්දියාවේ ටී සීරීස් ආයතනය ලෝක ප්‍රකට සංගීත සහ චිත්‍රපට නිර්මාණ ආයතනයකි. ඉන්දියාවේ සංගීත වෙළෙඳපොළේ සියයට තිස් පහක කොටසක් හිමි කරගෙන සිටින ‘ටී සීරිස්’ සමාගමට මිලියන එකසිය අනූ එකක පරිශීලකයන් සහ මිලියන එකසිය හැට දෙකක නරඹන්නන් සංඛාවක් සහිත ලෝකයේ සිව්වැනි ස්ථානයේ ඇති යූ ටියුබ් නාළිකාවක හිමිකාරත්වය ඇත.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery