යොහානිට ඉන්දියාවෙන් ලැබුණ අලුත්ම තෑග්ග මෙන්න..සුපිරිම අවස්ථාවක්.

Sri Lanka Indian Cinema Music Yohani de Silva
By Aruna Oct 20, 2021 05:09 AM GMT
Aruna

Aruna

Report

අජේ දෙව්ගන්, සිද්ධාර්ත් මල්හෝත‍්‍රා, රකුල් පි‍්‍රත් සිං රංගනයෙන් දායකවන ‘THANK GOD’ චිත‍්‍රපටය වෙනුවෙන් පසුබිම් ගායනය සඳහා යොහානි ද සිල්වාට අවස්ථාව උදාවී තිබෙනවා.

මෙම චිත‍්‍රපටය සඳහා ‘මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදය’ ඇය විසින් ගායනා කිරීමට නියමිතයි.

ඉමහත් ප‍්‍රසිද්ධියක් මෙන්ම සුවිශාල ප‍්‍රතිචාරයක් ලබන යොහානිගේ මැණිකේ ගීතයේ හින්දි අනුවාදය තම චිත‍්‍රපටයට එක්කර ගැනීමට හැකිවීම ගැන සතුටුවන බවයි මෙම චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ ඉන්ද්‍ර කුමාර් පවසන්නේ.

තමා මෙම චිත‍්‍රපටය හා සම්බන්ධ වන බවත්, එහි කටයුතු සඳහා ඉදිරියේදී ඉන්දියාවට යන බවත් යොහානි පවසනවා.

Thank God චිත‍්‍රපටය ලබන වසරේදී තිරගත වනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now